55.) කොටස 🌼

1.4K 76 35
                                    

2023 / 02 / 28

මතක එක්ක පොර බැදල
දැන් නම් මට මහන්සී ...


2023 / 03 / 02

අපේ පලවෙනි දවස , ශූටින්
කරපු පලවෙනි දවස .. ඒකත් පට ගට්ජ්ත එහෙනම්.. ඔයාට මාව ඒ
ඇදුම් වලින් දැක්කාම මොකද හිතුනේ
ශ්වේත.. ඔයාව ඒ ඇදුම් වලින් දැක්කාම
මගෙ කදුලු මටවත් පාලනේ කරගන්න
බැරි උනා දන්නවද.. මන් ආයෙ අතරමන්
උනා වගේ..

මේ ටික කාලෙට මන් හිතුවෙවත්
නැති විදියට ඔයා මට ලන් උනා..
එ වගේම මාත්.. මන් ජීවීතේ පලවෙනි
වතාවට හිනා වෙන්න ඇත්තේ
ඔයා එක්ක වෙන්න ඇති.. මේ
ගෙවෙන හැම මොහොතකටම
මන් මාර ආසයි.. ඔයත් එක්ක මේ ගෙවපු ටික දවස් ගානට මන් ජීවත්
වෙනවා කියන හැගීම මට දැනෙන්න ගත්තා.. ජීවීතේ කියන්නේ මොකක්ද,
දුක,සතුට මොකක්ද, මේ හැමදේම එක්ක ඔයා තමා මට ජීවත් වෙන්න
අරමුනක් දුන්නේ..

ඔයාගෙයි , රෙහාන්ගේයි මෝඩ වලි
බේරල මට පන යනවා.. අනේ
මගෙ චුටි බෝලේ දැන් ලොකු
කොල්ලෙක් වෙලා ඉන්නවා
දකිද්දි මටත් නොදැනි මගෙ ඇස්
වලට කදුලු පිරෙනවා.. ඒ හැගීම
විස්තර කරන්න මටතේරෙන්නෑ
ඇත්තටම.. ඒත් ඔයා මාත් එක්ක
ගෙවන හැම තත්පරයක්ම මට
ගොඩාක් වටිනවා..

අද ඔයාව දකිද්දි මට ගිහින්
බදාගන්න හිතුනා .. ඇත්තටම ඔයා
මාරම මාර ලස්සනයි මගෙ වස්තු..
සුරදූතයෙක් වගේ.. සුදු පාට කිට්
එකට ඔයා මාරම ලස්සනයි..

හැමදාම මන් බලන් ඉන්න
හද වගේ.. ඔයාගෙ තිබ්බ ඒ ලස්සන
කියාගන්න මට තේරෙන්නෑ..
මන් මේ ලෝකෙ දැක්ක ලස්සනම
වස්තුව ඔයයි මගෙ ශ්වේත..




2023 / 03 / 03

ඊයෙ රෑ නම් මට ඇත්තමයි ආපු
තරහක් නම්.. දෙන්න හිතුන පස්ස
පුපුරන්න පාරක්..

පන්ඩිතකමට නටන්න ගියා සේය
එක්ක.. ඔව් ඉතින් නටන්න ආස ඇතිනේ ඒකි එක්ක.. ලස්සනට නැටුවේ ඔය දෙන්නම.. මන් ඉන්නවද නැද්ද කියල කිසි ගානක් නෑ.. අපරාදෙ මන් අමාරුවෙන් ඩාන්ස් කරේ එයාව පුදුම කරන්න හිතන්.. ඉනත් පැන්නද මන්ද ඩාන්ස් එක කරන්න ගිහින්..

ඔයාගෙ ඩාන්ස් එක මට වඩා ලස්සනයි තමා, ඒ උනත් ඕව ප්‍රසිද්දියේ කියන්න
මට මොකක්ද වගේ.. ඒක කිව්වෙ නැති හින්දද දන්නෑ අර නැට්ටිච්චි එක්ක
කපල් ඩාන්ස් නැටුවේ... බූරු පැටියා..

අගි ( Complete Sinhala Bl )Where stories live. Discover now