26.) කොටස 🦋

424 63 40
                                    

ගෙදර ආවෙ කොහොමද කියන්නවත් මට ඇත්තටම මතකයක් තිබ්බෙ නෑ...ඒ තරම් මන් කල්පනා ලෝකෙක අතරමන් වෙලා ඉදල තියෙන්නේ. ආව ගමන් ඉතින් නෑව. නාපු මන් හිටියේ අම්ම අරන් තියපු සුදු ශර්ට් එකයි, කලු දිග කලිසමයි ඇදගෙන, අතට වොච් එක බදින ගමන්...ඒ අතර අම්ම මගෙ කාමරේට ඇවිත් එයාගෙ ලස්සන පුතාව වර්නනා කලා...මන් එ තරම් ලස්සනයි ලු... සුදු පාට ඇන්දාම පින් පාටයිලු....මගෙ අම්මගෙ කතා තමා ඕවා...




ඒ අතර ස්නේහත් වොශ් එකක් දාගෙන ඇවිත් මගෙ රූම් එකට ආවා, ඇදුම් මාරු කරගන්න... ස්නේහයගෙ අම්මට හවස එන්න වෙන්නෑ කිව්ව හින්ද තමා ඌ අපිත් එක්ක ආවේ...මගෙම ඇදුමක් දීල, එයා මාරු කරන් එනකන් මන් සාලෙට ආව...ඒ අතර ඇනටනාවත් කිට් එකක් දාගෙන ඇවිත් අම්ම එක්ක මොන මොනවදෝ කියව කියව කුස්සියේ ඉන්න සද්දෙ ඇහෙනවා...

අග්‍ර ඔයා ලෑස්ති වෙලා ඉවරද ?

......................

මොකෝ ගල් ගිලල වගේ ?

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මොකෝ ගල් ගිලල වගේ ?

නෑ මේ.......මන් ........ ඔයා.........

ඔව් මන්...

ඔයා ඇත්තටම හරිම ලස්සනයි , හැන්ඩ්සම් . ඔය විදියට ඔයාව දැක්කමයි...

ම්ම්.....බලල ඉවර නම් යමුද?

මන් අග්‍රව හොයන් එයගෙ කාමරේට ගියේ ඇදගෙන ඉවර නම් යමුද කියල අහන්න. ඒත් එයාව දැක්කට පස්සේ මගෙ වචනත් මට අමතක උනා. ඒ තරම් එයා ලස්සනයි . එයගෙ පෙනුම විස්තර කරොත් ඇත්තටම ලස්සනයි, හැබැයි අර හිනාවක් නැති දුෂ්ට පෙනුම නිසා තවත් ලස්සන වෙලාද මන්ද .ලැජ්ජත් එක්ක අප්පා, මේ මනුස්සයා මොනා හිතුවද දන්නෑ.....මගෙ කන් අඩිත් රත් වේගෙන එන්නේ....

යෝ.....මොකෝ බන් උඹට වෙලා තියෙන්නේ.....

මන් මටම හිතින් මුමුන මුමුන එලියටම ආවා. ඒ එද්දි ස්නේහයි, ඇන්ටනාවයි යන්න ලෑස්ති වෙලා එලියට ඇවිත් හිටියා.....

අගි ( Complete Sinhala Bl )Where stories live. Discover now