42.) කොටස 🦋

389 59 8
                                    

හෙලෝ......

.......

ආ.....ඔව්.....

.......

එතන අයට කිසිම සැකයක් එන්න තියන්න එපා....

......



ආදිට කෝල් එකක් ආවා... කාටවත් සැක හිතෙන්න අරින්න එපාලු...

ලාවට පත්තු වෙන බල්බ් එකකින් එලිය වෙච්ච කාමරේක මන් හිරවෙලා.. අතීතේ මගෙ ඇස් පනාපිටම ආයෙත් උඩ එනවා.. මාත් එක්කම මේව වැලලිලා යයි කියල හිතුවට උන් මැරිලවත් මට නිදහසේ ඉන්න දීල නෑ... මගෙ පස්සෙන්ම ඇවිත්.. බුදුහාමුදුරුවෝ දේශනා කලා වගේ , කර්මෙ මගෙ පස්සෙන්ම ඇවිත්.. ඒත් මන් මොකක්ද මුන්ට කරපු වැරැද්ද.. දැන් මොනා කලත් මන් මේකට පැටලිලා ඉවරයි ..

ඉපදෙද්දිම මගෙ දෛවෙ ලියවිලා ඉවරයි ... ඒත් එහෙමයි කියල ගිය පාර වගේ මට නිකන්ම මැරිල යන්න බෑ.. මගෙ අවසාන මොහොත දක්වාම මන් සටන් කරනවා.. කලින් පාර මන් මැරුනේ, උන් නිසා නෙමේ... රැවටීමෙ උපරිමේ වින්ද මාව, අනාතයෙක් උන මාව, අවසානෙදි එයත් රවට්ටලා තිබ්බා.. ඒකයි මට උහුලන්න බැරි උනේ.. ඒකයි මන් සදහටම සමු දෙන්න තීරනේ කරේ...

ඒත් මේ පාර එහෙම වෙන්න දෙන්න බෑ.. මගේ කියල ඉන්න එකම වස්තුව , මගෙ අම්මව මන් රකින්න ඕනේ...

මනුස්සයෙක් අසරනම වෙන තැන දන්නවද... තමන් ගොඩක්ම ආදරේ
කරපු කෙනෙක් තමන්ව රවට්ටපුවම
දැනෙන හැගීම... විදල තියනවද..
ඉතින් රැවටීම හින්ද අන්තෙටම
වැටුනු කාලට ජීවත් වෙන්න තිබ්බ
අවසානම හේතුවත් නැතිව ගියා..
මනුස්සයෙක්ට ජීවත් වෙන්න
එකම හරි බලාපොරොත්තුවක්
තියෙන්න ඕනෙනේ.. ඒත් ඒ හැම දේම නැති උනාම ඇයි තවත් ජීවත් වෙන්නේ...

මන් අදටත් අහන්නේ... ඇයි අගී උබ එහෙම කලේ...?

නෑ එක්කො ඒ ඕනෙත් නෑ... ආයෙත් මේ කිසි දෙයක් , කිසි කෙනෙක් මට එපා... මේ සේරම ඉවරයක් කරන්න ඕනෙ, මේව අදම ඉවරයක් වෙන්න ඕනෙ... මගෙ මලගමින් හරි මේ සේරම ඉවරයක් වෙනව නම් මේ පාරත් මන් කලින්ම යන්න උනත් ලෑස්තී...

පොඩි කාලෙ ඉදන් මන් විශ්වාස කරපු
එයා මාව රවට්ටලා..
ආයෙත් මන් රැවටිලා... ආදි, මාව පොඩි කාලෙ ඉදන් බලාගත්තු මගෙම අයියා වගේ කිව්වොත් හරී.. මගෙ අම්ම උනත් එයාට එයාගෙම දරුවෙක්ට වගේ සැලකුවේ... මාව ඉස්කෝලෙ දැම්මෙ, ආපහු ගන්න ආවෙ ගොඩක් වෙලාවට ආදි... ඕනෙ එපාකම් , මේ හැමදේම වගේ ගොඩක් වෙලාවට බැලුවේ ආදි..

අගි ( Complete Sinhala Bl )Unde poveștirile trăiesc. Descoperă acum