54. ) කොටස 🌼

591 58 8
                                    


2023 / 02 / 08

මේ දවස් දෙක නම් සාමකාමීව ගෙවිල ගියා නේද.. ඒත් ඉතින් අර සේය කියන එකීව නම් මට අල්ලන්නෙම නෑ අප්පා..
ඒකිත් අර කයිලිද මොකීද වගේමයි මට පේන්නේ... අනේ මන්ද , ඔයාට නම් මොකෝ ඉතින් ..

ආ ඒ වගේම ස්නේහ , අනේ අපේ ධීර වගේමයි... ඌටත් ට්‍රැක් ගතියක් තියේ ඒ වගේම.. ආ.......පොඩ්ඩක් ඉන්න, මට දැන්නේ ඒක මීටර් උන්‍රෙ, එතකොට ස්නේහ ඇත්තටම අපේ ධීරයවත්ද... ඇත්තටම සුදූ එයා ඒ වගේමයිනෙ... මට කලින් දවස් ටිකේ එච්චරම ඒක මීටර් උන්නෑ, මන් හිටියේ ඔයාගෙ සිහියෙන්නේ...

ඇත්තටම චූටි, අර කියනව වගේ සංසාරෙ අපිට හම්බෙන අය මීට කලිනුත් ඕනෑ තරම් අපිට මුන ගැහුනු අය වෙන්න පුලුවන් කියල... අපේ ලග ඉන්න අය ඕනෙ තරම් කලින් ආත්ම වලත් අපිට මුනගැහිච්ච අය වෙන්න පුලුවන් කියල කියනවානේ.. ඒක නම් ඇත්ත.. දැන් බලන්නකො ලක්ෂ්මි අම්මා මේ ආත්මෙත් ඔයාගෙම අම්මා වෙලා..
ඒ වගේම මන්, කොහෙදෝ ඉදන් ඔයාව හොයාගෙන ආවා.. ඒ අතරේ ආදිව හම්බුනා.. ඊට පස්සේ, ස්නේහ, සේයා... මේ හැමෝම කලින් අපේ ජීවීත වල හිටපු අය වගේමයිනේ චූටි... ඇත්තටම අර කියන්න වගේ මේව සංසාර ගනුදෙනු වගේ... ඒකත් හරි පුදුමයි..

ඕන් ඉතින් මන් බලාගෙන ඔයාට
මේ පැත්ත නොබල ඔන්න බෑනේද..
මන් ඔයාට පිටුපාල හිටියට, මට මේ කාමරේ කන්නාඩියෙන් සේරම පේනව..
අනේ මන්ද ඔයත්, මගෙ පිස්සු කෝලම... ඒ පාර ආවා නේද මෙහෙ..

ඕන් බෙරිහන් දෙනවා... මට ඇහෙන්නෑ වගේ ඉන්න ඕනෙ...




දන් මටත් ගස්සන් යන්න ගියේ.. මගෙයි අත කැපුනේ එයාටයි ඩෝන් ගියේ.. මන් ඉන්නෙ කෙල්ලෙක්ගේ සිහියෙන්න්ලු ,ඔයත් මොනා කියනවද මන්ද... ඇත්තටම ඔයා හිතන් ඉන්නේ මට කෙල්ලෙක් ඉන්නවා කියලද ... ඒක නම් මරු විහිලුව, අනේ මන්ද ඔහේගෙත් මොලේ කොලොප්පන් චූටි.





2023 / 02 / 09

අම්මට එකපාර අසනීප උනේ ඇයි
චූටි... අම්මා මොකක් හරි ප්‍රෂ්නෙකද ඉන්නේ.. ඔයාගෙ තාත්තා නෑලුනේ..
මට කලින් ඉදන්ම ඒක හිතුනා.. අපි දෙන්නම ඒ ආදරේ ලබන්න පින් කරල නැතුව ඇති.. කලින් වගේම ලක්ෂ්මි අම්මට මේ ආත්මෙත් වැරදිලා.. අපි හැමොම ලොකු පවක් කරන්න ඇති, ඒකයි මේ දේවල් ආපහු මේ විදියටම වෙන්නේ..

අගි ( Complete Sinhala Bl )Onde histórias criam vida. Descubra agora