9.) කොටස 🦋

576 83 20
                                    

තේව් මල්ලියේ...........මේ...........
කාල ඉවර නම් මෙහෙ එනනකෝ.....

ඉන්න ස්නේහ අයියේ .............

මන් කාල ඉවර වෙලා හිටියේ.කොහෙද තාම මේ පොඩි හාමු බබා කනවානෙ. අනේ ඉතින් සීදේවි කොල්ලා වගේ කන ලස්සන. නැගිටින්නත් බෑනේ , කාල ඉවර වෙනකම් . අපෙ අම්ම කියල තියෙන්නේ, තමුන් එක්ක කන අවසාන කෙනත් කාල ඉවරවෙනකන් කන තැනින් නැගිටල යන්න එපාය කියල.

යන්තම් ඇති කාල ඉවරයි  .......... මන් අත හෝදන් ස්නේහ අයියා ලගට ගියා.

මේ තේව්........ඔය කතාවේ ඉන්ගිරීසී කොටස් එහෙම නෑනේද. සුද්දොන්ගෙ කාලෙ කතාවක් නෙවේනෙ නේ.......

ඇයි ස්නේහ........

නෑ මේකනේ.......ඉන්ග්‍රීසි දෙබසක් වගේ එහෙම තිබ්බොත් එහෙම මට කියන්න. මට ඉන්ග්‍රීසි කියන්නේ වහකදුරු වගේ නේ....


ඉස්කෝලෙ කාලෙ අපි ඉන්ග්‍රීසි  පීරියඩ් එක කට් කලානේ. වෙනමොකටවත් නෙමේ, අපේ හත්මුතු පරම්පරාවම ඉන්ග්‍රීසීන්ට විරුද්ධව සටන් කරපු හින්ද , ඒ නිර්භීත කම තාම මගේ ලේ වල දුවනවනේ. ඉතින් මන් කොහොමද
ඔය සුද්දගේ ඉන්ග්‍රීසි තව ඉගෙන ගන්නෙ ....
 කොහෙද ඉතින් ඒ කාලෙ අපේ ඉන්ග්‍රීසී මිස්ට ඕව තේරුනා වැයි ..............


මට හයියෙන් හිනා ගියා. අම්මෝ බඩත් එක්ක කොරවෙන්න වගේ. මේක කට ඇද කර කර ඒක කියපු ලස්සන........

අම්මෝ ස්නේහයෝ .........ඇති බන්..........බය වෙන්න එපා........ඉන්ග්‍රීසි කොටස් නෑ ඒයි.........

එහෙනම් ශේප්...

එහෙනම් කට්ටියම ආව නම් ........

මේ ආදියටත් විනාඩියක් එහෙ මෙහෙ වෙන්න බෑනෙ.........හරි වෙලාවටම වැඩ.........

අපි ඉතින් ආයෙත් සුපුරුදු විදියටම ඉදගත්තා....

කට්ටිය අපිට මේක තව සතියක් දෙකක්වත් යනකම් කරන්න වෙයි. ඒ වගේම ඒ ඒ ලොකේශන් වලට යන්නත් වෙයි. ඉතින් මේ සතිය දෙකේ වැඩිය වැඩ දාගන්න එපා. මොකද මූලික ටික හරියටම කරගත්තොත්නේ ඉතුරු ටික ගානට කරගන්න පුළුවන් .... තේරුනානේ.......

හරි ආදි.........

අපි අයෙත් රීඩින් පටන් ගත්තා...



අගි ( Complete Sinhala Bl )Waar verhalen tot leven komen. Ontdek het nu