46.) ඔහු වෙනුවෙන් 🌼

469 60 34
                                    

2007 / 10 / 05

මගෙ පුන්චි ශ්වේත ... ඔයාට කොහොමද ?

අද නම් මට ඔයාට කියන්න දෙයක්
තියනවා.. අද ආයෙත් මන්හීනෙ දැක්කනේ.. ආ..... මට ඔයාට කියන්න
බැරි උනානේ , ඔයා දන්නවද ,, මට
හීන ලෝකෙ පුන්චි යාලුවෙක් ඉන්නවා..

මන් එයා ගැන කාටවත් කියල නෑ, ඔයාට තමා මේ ඉස්සෙල්ලාම කියන්නේ.. එයා නම් මට වඩා 
චූටි..හැබැයි එයා හරි ලස්සනයි ..
බෝලයක් වගේ.. හැබැයි මන් නම්ලෝකෙ ටිකක් ලොකුවට ඉන්නේ..චූටි බෝලෙට වඩා මන් ලොකුයි...

ඔයා දන්නවද මන්ලෝකෙට
ගොඩාක් ආසයි..

එහෙදි මට තනියක් නෑනේ.. මොකද මගෙ චූටි යාලුවා මාත් එක්කම
ඉන්නවානෙ.. තවලෝකෙ මට අම්ම කෙනෙකුත් ඉන්නවා.. එයා
චූටි බෝලෙගෙ අම්මා.. එයා අපි
දෙන්නටම ගොඩාක් ආදරෙයි..
ආ තව දෙයක් අද වගේ දවසක නේ
මගෙ චූටි බෝලෙගෙ උපන්දිනේ..
මගෙ චූටිට සුභම සුභ උපන්දිනයක් වේවා...!

අනේ හැමදාම මටලෝකෙම ඉන්න තියනවා නම්...
හරි හරි , ඔයා මූන එල්ලගන්න එපා
ඔයාවත් අරන් තමා මන් යන්නේ ...


2008 / 01 / 01

මගෙ යාලුවේ ,

අද ඉදන් අලුත් අවුරුද්දක්ලු.. ඒත් ඉතින් මට හැමදාම වගේ ලොකු පාලුවක් දැනෙනවානෙ.. කමක් නෑ මේ අහන්නකෝ, මට ඔයාට දෙයක් කියන්න බැරි උනානේ ... ඇයි අනේ මගෙ චූටි බෝලෙගේ නම... මොකක්ද දන්නවද,
"කාල" ලස්සනයි නේ....

අගි ( Complete Sinhala Bl )Unde poveștirile trăiesc. Descoperă acum