8.) කොටස 🦋

601 93 11
                                    


එපා...........එපා...............මට ඕන්නෑ ............. එපා................

උඹල සේරම කෙරුවේ එතකොට ඒකද ...................මේ හැමදේම  ඒ නිසාද .............මගෙ අම්....ම්.......මව...........බිල්ලට ගත්තේ ඒ හින්ද......ද..............පලයන් මෙතනින් පලයම්.................

අගි..............නෑ .......නෑ...............ම...මමයි.........වැරදි ...............මන් විශ්වාස කලා.........................ඒ....ඒ.........ත්............................මට වැර.........දු.......නා..................එහෙම නේ..ද......????................

තේව්..........තේව්..............

අ........ගී.............................

තේව්..........නැගිටින්නකෝ........

මට ඇහැරෙද්දි ඉහින් කනින් දාඩිය ගලලා තිබ්බා. ඇස් වලින් කදුලු බේරෙනවා. අග්‍ර මන් ලග ඉදන් මට කතා ගොඩාක් වෙලා කතා කරල.ඒත් මොකද්ද මන් ඒ දැක්කේ. මට තාම හිතාගන්න බෑ . එතකොට අගි..........
නෑ නෑ......එහෙම වෙන්න බෑ........
මේක හීනයක් විතරයි ...........ඔව්..........ඒත් අගිත් එහෙම කරාද.........එතකොට කාල....................නෑ.........එහෙම වෙන්න එපා අනේ.............

මන් දැක්කෙ ඒ හීනෙ කොටස නිසා මගෙ ඇගත් එක්ක සීතල වෙලා තිබුනා.

අ....අ.......අග්‍ර.......මට වතුර එකක්......

තෑන්ක්ස්.......

මන් ඒක ගැන හිත හිතාම වෙලාව බැලුවා. හොදටම පරක්කු වෙලා.මට බෙල් එක තියන්නත් අමතක වෙලා. වෙලාවට අග්‍ර මට කතා කලේ. අම්මව බලාගෙන එහෙමම වැඩට යන්නත් ඕනෙ.

විමල නැන්දා අම්මට කැම එකක් ඔතල තිබ්බා. අපි ඒකත් අරන් උදේම හොස්පිට්ල් එකට ගියා. ඔව් අර පරන කාර් තඩියෙම තමා.

මන් යද්දි අම්ම හොදටම නිදි. ඇහැරවන්නත් ලෝබ හිතුනා. මන් සද්ද නොකර අම්ම ලග ටිකක් ඉදගත්තා. අග්‍ර කාර් එකේ ඉන්නම් කිව්ව , මට ඉක්මනට එන්න කිව්ව . ඒත් අම්මව මෙතන දාල යන්න මට හිත දෙන්නෑ.

මන් අම්මගෙ නලලට හාදුවක් දුන්නා.
මන් හිමීට යන්න කියල හදද්දි අම්ම ඇහැරල .......

සුදුපුතා......යනවද.....

අම්මේ...........ඔව් . මන් අම්මා නිදි හින්ද කතා කලෙත් නැත්තේ. ඊට හපන් අද වැඩනේ අම්මා.

හරි මයෙ පුතා කාලත් නෑ නේද. යන ගමන් මොන හරි අදට අරන් කන්න පුතේ....

අගි ( Complete Sinhala Bl )حيث تعيش القصص. اكتشف الآن