17.) කොටස 🦋

492 70 41
                                    


තේව්......මෙහෙ එනවා....

ඇයි ආදි අයියේ....

මට කතා කරපු ආදි අයියා ,මගෙ අතින් ඇදන් ගේ පිටිපස්සට ගියා....

ආව්.......රිදෙනවා....අයියේ.....මොකද අනේ ඔයාට එකපාර උනේ...

මේ තමුන්ට තාම දැන් මේ කතාව ලියල ඉවර කරන්න බැරි උනාද ඈ......තාම මොකුත් මතක් උන්නැද්ද..... මෙ බලනවා හොදට මේ ඒ පරිසරේමයි නේද..... මොකුත් මතක් වෙන්නැද්ද අඩුම දැක්කවත්......අයියෝ.....තමුසෙල ඔක්කොම ඉන්නෙ මගෙ ඔලුව කන්න... ඉක්මනට ඔය මගුල ලියල ඉවරකරනවාකෝ.....

අ...අ....යියෙ..........ඇයි මේ......අනේ.......ම...මන්......මොකුත් කලේ නෑනෙ.......

අනේ මේ නවත්තනව නවත්තනව....  මේ දවස් වල මගෙ ඔලුව අව්ල් වෙලා තියෙන්නෙ.... මේ ඉක්මනට ඔය කතාව ලියල ඉවරකරන්න....  සොරි...මන් කියපුවා එච්චර හිතන්න එපා...

එහෙනම් අපි ගිහින් එන්නම් සීයේ...

හරි ලමයිනේ....

ආදි අයියා යමු කියල හැමෝටම කතා කලා.... ඒත් මගෙ ඔලුව තනිකරම අව්ල් වෙලා ගියා....

මන් සීය එක්ක කතා කර කර හිටියේ. එකපාරම ආදි අයියා මාව එලියට ඇදන් ගිහින් මෙචෙම කතා කලේ..... එයා හිටියේ කෝල් එකකනේ....මට හිතා ගන්න බෑ. මන් දන්නව ආදි අයියට ඉක්මනට තරහ යනව තමා, ඒත් වරදක් නොකර ඇයි මට කෑ ගැහුවේ.... එයාට මගෙ කතාව මන් බලෙන් දුන්නෑනෙ.... මන්කිව්වානෙ තාම අවසානෙ ඉවර නෑ කියල.... ඒත් ඇයි දැන් මට කෑගහන්නෙ.... ......මගෙ ඔලුව අව්ල් වෙලා ගියා.....

තේව්.....මොකද

මොකුත් නෑ අග්‍ර...

ආපහු එන ගමන් ඉදන් ස්නේහෙ වෙනම ලෝකෙක වගේ. මන් හිතන්නේ උගෙ ඔලුව රිදිල්ල හින්ද වෙන්න ඇති. අග්‍ර නම් අර ඇන්ටනා අයියා එක්ක හිටියේ. මන් තනියම ම ආව උනාට සේය මාත් එක්ක කතාවට ආවා....

තේව් මොකො ඔයා අව්ලෙන් වගේ.
ප්‍රෂ්නයක්ද?

නෑ සේයා ..ඇයි එහෙම ඇහුවේ.

නෑ මට හිතුනා. ඒක නෙමේ තේව් මේ පරිසරේ මට හරි හුරු ගතියක් දැනෙනවානෙ..... මෙහෙට නිකන් මන් කලින් ඇවිත් තියනවා වගේ...

අගි ( Complete Sinhala Bl )Where stories live. Discover now