32.) කොටස 🦋

444 57 29
                                    


අනේ අග්‍ර ඇයි මට එහෙම වෙන්නේ , ඒ දේවල් ආයෙ ආයෙ මතක් වෙන්නේ. අග්‍ර ඇත්තටම ඒ.... ඒ තැනමද .... මගෙ ලක්ෂ්මි අම්මගෙ උපන් ගමමද අග්‍ර...

වෙන්න පුළුවන් ...

ඒත් ආදි අයියා කොහොමද හරියටම එහෙම තැන් හොයාගන්නේ...අග්‍ර ඔයා කිව්වත් හරි දැන් නම් මට ආදි ගැනත් සැකයි අග්‍ර..

මන් කිව්වේ කාගෙන් උනත් පරිස්සම් වෙන්න කියල ඒකයි...

රෑට කෑම කෑවයින් පස්සේ මන් අග්‍රට උන සේරම දේවල් කිව්වා...මට ඉතින් මේවා කියන්න වෙන කෙනෙක් නැනේ...
ඇත්තටම මට තාම හිතාගන්න බෑ, මට හිතෙන්නෙම මෙතන මන් නොදන්න මොකක්ම හරි දෙයක් තියනවා කියලමයි. එදිරිවීරයා ගැන විස්තර හොයන්න කොහොමත් බෑ. අග්‍රයි මායි කීප සැරයක්ම උත්සාහ කලා. දැන් තියෙන්නේ ආදි අයියගෙන්ම මොකක් හරි දැනගන්න තමා...

ආ මේක බොන්නකෝ...ඔය ඔලුව රිදිල්ල අඩු වෙන්න...දැන් ඒව හිතන්න එපා. එන දේකට මූන දෙමු....

හ්ම්ම්...

අග්‍ර එක්ක කතා කරල මන් ආපහු කාමරේට ආව... දැන්නම් ඔලුවට සැහැල්ලුවක් දැනෙනවා ....




ගුඩ්මෝනින් මල්ලි බබෝ........ආ සොරි අනේ.....තේව් මල්ලියෝ......හී.....

මෝනින්.....

මොකද්ද අනේ ඔය මූන කජු ලෙල්ලක් කරන්........මේ ඒක නෙමේ කෝ අපේ අග්‍ර.....ආ මේ එන්නේ කියද්දිම.....
අනේ ඒයිලා මේ, දැන් අපිට මේ සතියම නිවාඩුනේ නේද........

ම්ම්...

අනේ ඉතින් අපි ට්‍රිප් එකක් යමුකෝ අප්පා....හරිම කම්මැලිනේ , ගෙදරටම වෙලා ඉදල......මේ මන් ගෙදරටම නාකි වෙනවා දැන්.....යමුකෝ අනේ කොහෙහරි ඇවිදින්න......

ඇන්ටනාවා උදේම වීනාව පටන් ගත්තා......හැබැයි එය කියන එකත් නරකම නෑ, අපි හම්බුනා හරි එකට කොහෙවත් ගියේම නෑනෙ. හැමදාම වැඩනේ......

ඒ ඇන්ටනා අයියේ, ඒකත් මරු අදහස හැබැයි...අග්‍ර ඔයා මොකෝ කියන්නේ........

ම්ම්......

ඒ කියන්නෙ කැමති නේ අයියෝ......දැන් තමා මට වැඩ තියෙන්නේ හරීයට.......අයින් වෙන්නකෝ තේව් මල්ලියෝ.......කෝ එහාට එහාට......

අගි ( Complete Sinhala Bl )Waar verhalen tot leven komen. Ontdek het nu