7.) කොටස 🦋

665 87 40
                                    

මන් සේයා අනේ.......

ආ සේයා ... කොහෙන්ද මගෙ නම්බරේ...

මට ආපු කෝල් එක අන්සර කරදි මට කතා කලේ සේය....

අද අපිට ආදි සර් දැනුම් දුන්නානේ වැඩ නෑ කියල. ඒ එක්කම ඔයාලගේ අම්මටත් අසනිපයි කියල කිව්වා. ඉතින් මන් ආදි සර්ගෙන් නම්බර් එක ඉල්ලගත්තා.ඉතින් තේව් දැන් අම්මට කොහොමද ...??

ආ ....... හරි සේයා. අම්මට දැන් ටිකක් හොදයි . තාම හොස්පිට්ල් එකේ. තව දවසක් දෙකක් ඉන්න වෙයි කිව්වා.

තේව්.......තේව්...........

මේ මනුස්සයා මොකො බෙරිහන් දෙන්නෙ. හැමදාම ඔහොමයි මැද්දට පනිනවානේ....

ඇයි අග්‍ර ........ මන් මේ කෝල් එකක්.....

ඉක්මනට එන්නකෝ.........

හෙලෝ.....සේය ..මන් ඔයාට පස්සේ ගන්නද , මට පොඩි වැඩක් තියෙනවා .

හරි තේව්......පරිස්සමෙන් ඉන්න.බුදු සරනයි.

කෝ ඒපාර ,බෙරිහන් දීල දැන් සද්දයක් නෑ.

ඇයි අග්‍ර ....?

ආ... නෑ..... නෑ දැන් හරි .

මේ හෝතඹුවා. දෙන්න හිතෙනවා හොම්බට හැටක්. ඇයි යකූ......කෝල් එකවත් හරියට කතා කරන්න බැරි උනානේ. ශික්..මගුල.........

එයාට හොදටම ඇහෙන්න ඇති මගෙ කෝල් එකත්... මන් කෝල් එකක කියල දැන දැනම මට කතා කරනේ...හෝතඹුවා...

මන් එහෙමම ආයෙ අම්මගෙ කාමරේට ගිහින් අම්මගෙ ඇදුම් ටිකකුයි , ඕන කරන බඩු වගේකුයි බෑග් එකකට දාගත්තා . දැන් ආපහු හොස්පිට්ල් යන්න ඕනෙ. මට බයික් එකක්වත් නෑනෙ. අග්‍රයගෙ වාහනේ තමා යන්න වෙන්නේ....  ඒක යනවට වඩා හොදයි ඉතින් පයින් යනවා . ඒකෙ ඉස්සර කාලෙ මයිනර් කාර් එකක්. කලුපාට ...මේ පුස්මූන වගේමයි .....ඒකත් පුස්.......මොනා උනත් ඔය වාහන හෙන වටිනවලු....මන් දන්නෑ, මට නම් පේන්නේ ඒක ඉබ්බෙක් වගේ......

මන් දන්නෑ, මට නම් පේන්නේ ඒක ඉබ්බෙක් වගේ

¡Ay! Esta imagen no sigue nuestras pautas de contenido. Para continuar la publicación, intente quitarla o subir otra.
අගි ( Complete Sinhala Bl )Donde viven las historias. Descúbrelo ahora