40.) කොටස 🦋

402 61 30
                                    


මේ අවුරුද්ද ඉවර වෙන්නත් එනවා.. මාසයක්ම ගියා තේරුන්නෑ .. එදා අපි ට්‍රිප් එක ගිහින් ආවට පස්සේ ඉදන් අද වෙනකන් අපි හිටියේ දඹුල්ලෙ ක්වාටස් එකක නැවතිලා .. එදා අපේ ගෙදරම උඩයටිකුරු කරපු එවුන් කව්ද කියල මන් තාම දන්නෑ, අග්‍ර කිව්වා ඒ ගැන එයා බලගන්නම් කියල.. අම්මව එහෙ තනියම තියන්න බය හින්ද මන් අම්මවත් මෙහෙ එක්කන් ආවා.. මෙහෙට ආවාට පස්සෙ මට දේවල් පේන , ඇහෙන එක වැඩි උනා.. අම්ම උනත් රෑට හීනෙන් බය වෙනවා.. මටත් එක දිගටම එකම හීනෙ පෙනුනා .. හැමදාම මන් කරේ කාටත් හොරෙන් රෑ තිස්සෙ අඩපු එක .. ඒත් එදයින් පස්සේ ඒ හැමදේම නැවතුනා...

මන් දැන් සේරම දන්නවා.. මොකක්ද උනේ කියල.. අවසානෙදි මට මගේ කතාවෙ අවසානයක් දකින්න පුලුවන් උනා...


එදා , අපි මෙහෙ ශූටින් පටන් අරන් දවස් දහයක් ඇති ඕන්නම්... එදා රෑ මන් හීනෙන් එදා අතීතේ මට වෙච්ච දේ දැක්කා... මන් බය වෙලා, කෑ ගහල අඩපු පාරට එහා කාමරේ හිටපු අග්‍ර, ස්නේහ මේ කට්ටියම ආවා.. එයාලා මාව සංසුන් කරන්න නොකරපු දෙයක් නෑ.. මගෙ හුස්මත් එක්ක හිර වෙලා තිබ්බේ.. එදා ඒ බැහැපු කිනිස්සෙ වේදනාව එදත් මගෙ හදවතට දැනුනා ..
ඒ මරන වේදනාවට වඩා රැවටීම, අසරනකම, තනිකම මේ හැමදේකම වේදනාව මගෙ හදවතට දැනුනා..

එදාම මන් මුලු කතාවම ලියල සම්පූරන කලා.. මට වෙන කරන්න දෙයක් නෑ, මට මේක නවත්තන්න බෑ.. මේක මගෙ ජොබ් එක,ඊටත් වඩා මේක මගේ ඉරනම...  මට මගින් නවතින්න බෑ.. ඒ හින්ද වෙව්ලන අත් වලින් මන් ඒ අවසානෙ ලිව්වා...

අග්‍රට එදා වෙච්ච හැමදේම මන් කිව්වා..මගෙ හැගීම්, මට දැනුනු විදිය මේ හැමදේම .. අවසාන හරියෙදි අග්‍රට අහන් ඉන්න බැරි උනා... අනේ එයා ඇඩුවා.. දන්නවද එයා ඉකි ගගහා ඇඩුව...මටත් වඩා එයා ඇඩුවා... එදා හවසම අපි දෙන්නා පන්සල් ගියා...හිත ට සැනසීමක්වත් ලැබෙන්න කියල...අග්‍ර , එයාට මගෙ කතාව අහලා, දරාගන්න බෑලු... එතකොට මන් කොහොමද දරාගෙන ඉන්නේ... හැමදාම මන් එකම ප්‍රෂ්නේ මගෙන්ම ආහනවා... ඇයි අගි මට එහෙම කලේ....?

ආදිගෙ අතට මන් අවසන් ටිකත් ලියල දුන්නා.. ආදි අයියත් එන්න එන්න වෙනස් වෙනවා කියල මට දැනුනා.. එයා නිතරම මගෙන් ඇහුවේ එතකොට ඒ යතුරට මොකෝ උනේ කියල.. වහෙන් ඔරෝ එයා ඒකමයි ඇහුවේ...

අගි ( Complete Sinhala Bl )Where stories live. Discover now