22.) කොටස 🦋

418 64 21
                                    

ඒක නෙවේ අනන්ද්‍යා දැන් ඔයා ඕකට ඇත්තටම යන්නද හදන්නේ...

ඔව් ඇයි , විශ්වාස නැද්ද...

නෑ ඉතින් තමුන්ගේ ඇග දිහා දැක්කාම පව් කියල හිතෙනවා ඕයි. සරුන්ගලේක ඇට සැකිල්ල වගේනෙ. කාගෙන් හරි එක පාරක් කෑව ගමන් උඩින් තමා යන්න වෙන්නේ....

අනේ මේ තේව් අයියේ, හිනා වෙනවකෝ දැන්. මන් කරාටි ඉගෙන ගෙන ඇවිත් ඉස්සෙල්ලාම ගහන්නෙ තමුසෙට....
මන් යනවා නැන්දෙ යන්න....

හු.....හූ    එක්කෙනෙක්ට ඩෝන් ගිහින්....හූ.......

ඇති පුතා, පව් ඒ දරුවා.....

අනේ අම්මේ , විහිලුවක්නේ මන් කලේ. ඕකි ඔය ගියාට, චොකලට් එකක් ගෙනත් දුන්න ගමන් ආයෙ යාලු වෙනවා...

සුදුපුතා ඒක නෙමේ, අද වැඩ නැද්ද.

නෑනෙ අම්මා.......ආදි අයියා හදිසි වැඩකට කොලඹ ගිහින්ලු....

ආ...ඒ දරුවටත් නිදහසක් ඇත්තෙම නෑ නේද පුතේ.....එහෙට දුවනවා, මෙහෙට දුවනවා...

ඔව් අම්මා......

කට්ටිය එක්කම කන්න එන්නකෝ, මන් ඉව්වා.....

මූන කට හෝදන් උදේ කෑම එක කෑවට පස්සේ මන් ගියා අපේ ගෙවල් ලග තිබ්බ පොඩි කඩේට . වෙන මොකටවත් නෙමේ අර බෝම්බෙට චොකලට් එකක් අරන් දෙන්න. ඒකත් අරන් මන් කෙලින්ම ආදි අයියලගේ ගෙදරට ගියා....ඔය බෝම්බේ යාලු කරගත්තෙ නැත්තන් මටම තමා වදේ ඊට පස්සේ....

අනන්ද්‍යා.....සුදු මැණිකෙ......කෝ මේ කෙල්ල.......

ගෙදර කවුරුත් නෑ, ආව පයින්ම ගියා නම් හොදයි...

එතකොට කතා කරන්නේ, අනන්ද්‍යාගෙ හොල්මන වෙන්න ඇති.....

ඔව් ඇයි .....

අනේ චූටි....එන්නකෝ , මේ මන් ඔයාට බඩ්ඩක් ගෙනවා......

මට ඕන්නෑ....

එහෙනම් මන් එනවා ඇතුලට ඈ.......කොහෙද ඔයා ඉන්නේ....

අනන්ද්‍යා ඇත්තටම මගෙම නංගි වගේ..කට සැරයි, දගකාරයි. තාම පොඩි එකියක් වගේ...මොනා උනත් මන් ඒකිට හරි ආදරෙයි.

චූටි.......චූටි......කෝ මේ කෙල්ල....

මන් එයාට කතා කරන ගමන් කාමරේකට ගිහින් ඔලුව දැම්මා....ඒත් මන් දැක්කේ , චූටිව නෙවේ..ඇත්තටම ඒ කාමරේ පුරා තිබ්බ දේවල්...මන් තව ටිකක් ඇතුලට ගියා......බිත්ති පුරා, මේසෙ උඩ තනිකරම  පිස්සන් කොටුව වගේ....හැම තැනම තිබ්බේ සිතියම්...ඔව්, සිතියම්........මන් බිත්ති වල අලවලා තිබ්බ සිතියම් ලගට ගිහින් හොදට බැලුවා, වෙන මොකටවත් නෙමේ, මන් කවදාවත් ඒ වගේ සිතියම් දැකල තිබ්බෙ නෑ. සාමාන්‍ය ලංකා සිතියම්  ලෝක සිතියම් වගේ නෙවේ, ඒ වල තිබ්බේ එක නගරයක් ගැන නම් ඒ නගරෙ හැම අස්සක් මුල්ලක් නෑරම එක සිතියමක තිබ්බා....එතනින් එක සිතියමක් කුරුණෑගල , ඒ කියන්නෙ අපි මේ ඉන්න නගරෙ ... මේසේ උඩ තිබ්බේ ඒක දැක්කට පස්සෙ මන් ඒකෙන් තමා අදුරගත්තේ....මේ අපේ ගෙවල් පාරවල් හිටන් . ඇත්තටම හරි පුදුමයි...හැම දෙයක්ම තියෙනවා....සමහර තැන රතු පාටින් මාර්ක් කරල. සමහර තැන වලට කතිර ලකුන දාල...සමහර තැනක ඉදන් තවත් තැනකට ඉරි ඇදල.....ඇත්තටම මන් මීට කලින් නම් මේ වගේ සිතියම් විමානයක් දැකල නෑ.....ආ

අගි ( Complete Sinhala Bl )Where stories live. Discover now