23.) කොටස 🦋

426 64 33
                                    

ආදි අයියගේ....

ඔව් මට හොදටම මතකයි. මේ ඒ වර්ගෙමයි.... ඒත් එයා මෙතන්ට කලින් ඇවිත් තියනවා වගේ පෙනුන්නෑනේ... මන් මයි එදා පාර හොයාගත්තෙත්... එයාගෙන් අමුතු හැසිරීමක් තිබ්බෙවත් නෑනෙ....ඒත් මේක...... මේක........කොහොමද මෙතන්ට ආවෙ......අවුරුදු ගානකට කලින් එකක් ...... මාව නිකන් කරකොල අතැරියා වගේ.......මන් නිකන් මහ මුහුද මැද දූපතක අතරමන් වෙච්ච එකෙක් වගේ.........

කිසිම දෙයක් හිතා ගන්න බෑ. මේ දේවල් මෙහෙම උනේ කොහොමද . ඇත්තටම කව්ද ආදි අයියා කියන්නේ.....ඇයි එයා මේ විදියට මගෙ ජීවීතේට ආවෙ.....මට දැන් මේ හැම දේකම මොකක්දෝ මන් නොදන්න දෙයක් තියනවා කියල දැනෙනවා....


කැ.....හැ........කැහැ..........කැ.......

සීයේ......අනේ සීයේ.......මොකද කියන්නකෝ.... ඉන්න මන් වතුර ටිකක් ගෙනත් දෙන්නම්....ඔය හොදටෝම කැස්ස නේද........

එපා දරුවෝ....දැන් ඔය ලමයා යන්න.... වැස්ස ලග ලගම එනවා.....අනේ දරුවෝ.....පරිස්සමෙන් පලයන් .... මට කියන්නෙ තියෙන්නෙ එච්චරයි . උඹව පරිස්සම් කරගනිම්.....දැන් විගහට ගෙදර පලයන්........

ඇත්ත , වැස්ස ලග ලගම එනවා.....දැන් පහටත් කිට්ටුයි. අද ගෙදර ගියත් අම්මගෙන් බැනුම් තමා....

මන් යනවා සීයෙ.....හැබැයි ආයෙ මන් ඒවී......සීය කිසිම කෙනෙක්ට මන් ආව වග කියන්න එපා හොදද....මන් මෙහෙ කොයි වෙලාවෙවත් ආවෙ නැති විදියට ඉන්න......මන් ගිහින් එන්නම් සීයේ.......


මන් ආවා....... පහල අඩි පාර, කෙලින්ම වැටුනේ සීය ඉන්න පැලට. ඒක , ඒ තැන .....එතකොට කාල , ඒ කියන්නෙ මන් කලින් ආත්මේ හිටපු තැන.....අනේ මගෙ අම්මා......නොසෑහෙන්න දුක් විදපු ඒ අම්මා.....අනේ ඒ මගෙ අම්මනේ දෙවියනේ.......මොන බවයක උනත් ඒත් මගෙ අම්මනේ......මගෙ පපුව පිච්චිලා ගියා......මට මගෙ දැන් අම්මව මතක් උනා....බලන් යද්දි හැම බවේකම මගෙ අම්මා නොසෑහෙන්න විදවලා තියනවා....

එතකොට අගි.........අනේ ඒ මනුස්සයා.....මගෙ මුලු ජිවීතේම වෙනස් කල ඒ මනුස්සය......මගෙ හිත මේ දැනුත් නන්නාදුනන හැගීම් ගොඩකින් පුරවන ඒ මනුස්සයා........ඇත්තටම දැන් කොහෙ ඇත්ද........මන් වගේම අනේ මගෙ අගිත් ආයෙම ඉපදිල ඇත්ද...... ඒත් මට ඇයි තරහක් එන්නෙ....මගෙ හිතට ඒ නම මතක් වෙද්දි නොදන්න හැගීම් දහසකුත් එක්ක හිතේ කොනක මොකක්දෝ මන්ද තරහක් එන්නේ ඇයි.......ඒ වගේම දුකක්....

අගි ( Complete Sinhala Bl )Where stories live. Discover now