chapter 28

559 101 180
                                    

Chae bin pov

"මම...මම මේ කොහෙද ඉන්නේ..."

මම හිමීට හිමීට ඇස් ඇරලා බැලුවේ මාව කොහේටද මේ අය අරගෙන ඇවිල්ලා තියෙන්නේ කියලා ..

"Babygirl ඔයා නැගිට්ට ද?..ඔයා නැගිටින කන් තමයි මමත් බලාගෙන හිටියේ..."

" ඇයි මාව මෙහෙට ගෙනාවේ කියනවා... මට යන්න දෙනවා...."

මාව ගැටහල තිබුණා පිටුවෙන් ගැලවෙන්න දාගලන ගමන් මම yeonjun ට කිව්වේ එයට කිසි බයක් නෑ කියලා පෙන්න න ගමන්..ඒත් ඇත්තටම මගේ හිත ගොඩක් බය වෙලයි තියෙන්නේ...

"හෝව් හෝව්...මම ඔයාට කරදරයක් කරන්න නෙවෙයි එක්කගෙන ආවේ...ඔයාට ආදරෙ නිසයි එක්කගෙන ආවේ..දවසින් දවස ඔයා රැවටෙනවා බලන් ඉන්න බැරි කමටයි මැණික මම ඔයාව මෙහෙම අරගෙන ආවේ...මම කවදාවත් ඔයාව මේ විදියට තියන්න කැමති නෑ..ඒත් ඔයාගේ මුරණ්ඩු කම...."

"ඔයා මොකක් ගැනද ඔය කියන්නේ කියනවා... මට කියනවා..."

මම තරහින් කෑගහලා අහද්දි yeonjun මගේ දිහා ආදරණීය විදියට බැලුවා...ඒ බැල්මේ කලකිරීමක් තියෙනවා කියලා මට පේනවා..එය මොකක් ගැනද මේ කියන්නේ..කව්ද මාව රවට්ටන්නේ....

"පළවෙනියට ම සන්සුන් වෙන්නේ..මම ඔයාට ඔක්කොම එකක් නෑර පැහැදිලි කරන්නම්..."

"Hmm"

මම එයාව ගනන් ගන්නේ නැති විදියට කියලා අහක බලා ගත්තා..එය මගේ ඉස්සරහට ඇවිල්ලා මගේ අතක් අල්ලාගෙන මගේ ලගින් වාඩි වෙලා..කතාව පටන් ගත්තා..මම එයාට අවධානය දෙන්නේ නෑ වගේ අහක බලාගෙන හිටියා..ඒත් මම එයා කියපු අකුරක් නැර අහගෙන යි හිටියේ...

"මෙහෙමයි මැණික ඔයා දන්නවද ඔයාගේ ඔම්මයි අප්පයි නැති උන විදිහ...එයාලව කට්ටියක් මැරුව කියලා දන්නවද..එක නිකන්ම accident එකක් නෙවෙයි කියලා දන්නවද..."

මොනවද මෙය මේ කියවන්නෙ...මැරුව.. නෑ එක වෙන්න බෑ...මම yeonjun දිහා ප්‍රශ්නාර්ථ බැල්මෙන් බලද්දී එක ආයෙත් කතාව පටන් ගත්තා...

"එයාලා ව මැරුව මැණික...එයාලා ව මැරුව..ඔය jimin කියන නැරුමය එයාලා මැරුව පන....."

ᴄᴏʟᴅ ᑕᗴOᵖʲᵐ (Complete)Where stories live. Discover now