(.4.)

675 114 5
                                    

" ආශි ඔයාට පුලුවන්ද මිඩියා පිරියඩ් එකට සර් ආවේ නැත්තන් දිහස් එක්ක ටිකක් කතාකරන්න "
අවීන් ආශ්කා ලගට ඇවිත් එසේ කියන විට ඇය දෑස් විසල් කොට අවින් දෙස බලා සිටියා. ( අර පලවෙනි දවසේ අවීන්ගේන් අසනීපෙන්ද ඇහුවේ එයා හොදේ )

" මිඩියා සර් මේ දවස් වල එනවා අඩුයිනේ "
අවීන් ආශ්කාගේන් ප්‍රශ්න කලා.

දිහස් මිඩියා විශය උගන්වන වෙලාව ලං වන විට මුහුන අදුරු කරගෙන බලාසිටියි.

" ඇයි මොකද්ද ප්‍රශ්නේ "
අවීන් දවසක් දිහස්ගෙන් ඇසුවේ ලගකදි සිට ඔහුට පොදු වූ මිඩියා පිරියඩ් එක ලංවන විට මුහුනේ ඇති වන  වෙනස ගැන දැනගැනිමටය.

" මිඩියා සර් දැන් ටික දවස ඉදන් එන්නේ නෑ. එහෙ නිකන් ඔහේ ඉන්න මට කම්මැලි. පංතියට එන්නත් බෑ. අඩුම ඔයාවත් හිටියනම් කතා කරන්න තිබ්බා "
දිහස් තම බෑගයෙන් පොත් ඉවතට ගනිමින් කියයි.

" මහ ලොකු ප්‍රශ්නයක් වගේ "
අවින් ඔහුව ගනන් නොගෙන සිටින විට දිහස් සෙමෙන් පංතිකාමරයෙන් ඉවතට ඇදුනේය.

ඔහු යාමත් සමග තමන්ගේ හොදම මිතුරුය වූ ආශ්කා අසලට ගියේය.

" ඇත්තම කියනවනම් එයා කියන ඒවා අහන් ඉන්න තමා ඕන. එයා ආසයි කවුරු හරි එයා කියන එවා අහන් ඉන්නවට "
අවීන් ආශ්කට විස්තර කලා.

" ඔකේ අවී...... "
ආශ්කා තම පොත් ලැමට තුරුලු කොටගෙන යන දෙස බලාසිටි අවින් කල්පනා කරේ තමන් දිහස් ගැන සොයා බලන්නට උත්සහ කරන්නේ ඇයි කියලා.

දිහස් ඉදිරියේ ඔහුව ගනන් නොගත්තත් අවීන් හැමවිටම දිහස් සිටින්නේ කොහිද කියා විපරම් කරයි.

දිහස් සම්බන්දයෙන් අවීන්ට තරහ යන එකම කරුණ නම් කෙල්ලෙකු හෝ කොල්ලෙකු සමග දිහස් සිනාවෙමින් කතා කර කර සිතිමයි.

" මාව අමතක කරලා වෙන එකෙක් එක්ක හුරතල් වෙන හැටි විතරක් "
ඒ හැම අවස්තාවකදිම අවින් තම අතෙහි නහර ඉලිප්පෙන තරන් තද කොටගෙන දිහස් දෙස බලා රවයි.

අවීන්ට කොයිම මොහොතකවත් තමන් මෙහෙම හිතන්නේ ඇයි කියන දේසදහා පිලිතුරක් හමු නොවිය. සමහර විට ඒ ඔහු ඔහුගෙන්ම එම ප්‍රශ්නය නොවිමසනා වන්නට පුලුවන්

සමහරක් විටක දිහස්ගේ රොස මිශ්‍ර රතුපාටට පෙනෙන තොල් දෙක මත තම තොල් තදකරන්න සිතෙන්නේ ඇයි කියාද ඔහුට පිලිතුරක් නෑ.

විශය අවසානයේ පංතිකාමරයට පැමිනි ආශ්කා අසලට ගියා.

" එයා ගොඩක් සයිලන් , හ්ම් ඇරෙන්න වචනයක් කිව්වේ නෑ "
ආශ්කා දිහා ටික වෙලාවක් බලා සිටි අවින් ඈති එන දිහස් දැක තමන්ගේ පුටුව අසලට ගියා.

" කම්මැලී "
දිහස් පුටුවට බරවෙනවත් සමගම මිමිනුවා.

අවීන් සිහින් සිනාවක් මුවට ගෙන ආඩම්බරයෙන් වාඩිවී දිහස් දෙස ඇස් කොනින් බැලිය.

" එයා කතා කරන්න කැමති මාත් එක්ක විතරයි "






Kishu :-)

One Day ( BL) (Onhold )Where stories live. Discover now