(50)

297 45 10
                                    

" තමුසේ කොහෙද චුටි ඉන්නේ , බලපන් දැන් වෙලාව නමයාමාරත් පහු....  "

" එයා ගිහින් අවී මන් එනකොට එයා ගිහින් "

" උබ කොහෙද ඉන්නේ චුටි , ඔහොම ඉදපන් මන් ඉක්මනට එන්නම් "
දිහස්ගේ කතාවට නොව බිදුනු හඩට කලබල වුනු අවීන් මෙතෙක් නිරුවතින් තිබු තම උඩු කය වසා ගන්න ඇදුමක් සොයන්න වුනා.

" කෝ චුටි කියනවා තමුන් කොහෙද ඉන්නේ "

" ගෙවල් ළග "

" මොන "

" තාත්තා ඉන්න තැන "

" මොකටද එහේ ගියේ ඒ මිනිහා නේ උබේ ජිවිතේ විනාස කරන්න හැදුවේ  "
අවී පඩිපෙල බහින අතරතුර බනින්න වුනා.

සුළු නිහඩවීමකින් පසු දිහස්ගේ ඉකිගැසීම් හඩ ඇසෙන කොට අවීන් නතරවුනා.

" ඇයි මේ "

" මට අඩන්න ඕන "
දිහස් අමාරුවෙන් කියන කොට හිස වැනු අවීන් " ඉන්න මැනික අවී එනවා ඔයා ලගට ආපුවම ඕනතරන් අඩන්න ඉන්න තැනම ඉන්න රත්තරන් මන් ඉක්මනට එනවා " කියමින් තම කාරයේ යතුර අතට අරගත්තා.

" අයියා තමුසේ කොහෙද යන්නේ "
අහසි අවීන් ඉදිරියට පැන අසනකොට ඇයව පහු කෙරු අවීන් කිව්වේ " හදිසි වැඩක්,  මන් ගියාම දොරවහන්න " කියා පමණයි.

" යන තැන පරිස්සමින් පල " අවීන්ගේ කලබලේ තඹදොයිතුවකට මායිම් නොකෙරු අහසි ඈණුමක් ඇර සන්සුන්ව කිව්වා.

අවීන් පාර දෙපස ගැන දැඩි අවධානයකින් එලවන්න වුනා.

දිහස් එකවර පියා සොයා ගියේ ඇයි කියන්න අවීන්ට තිබුනේ ප්‍රශ්නාර්තයක් පමණයි.

" මේ ඉන්නේ "
අවීන්ට කියවුනේ අදුර අතරින් අල්ලෙන් කදුලු පිස දමමින් කඩාවැටුනු පෙනුමෙන් ඉදිරියට ඇදෙන රුව හදුනාගෙනයි.

කාරය නතර කර බැසගත් අවීන් දිහස්ගේ නම කියා කතා කරමින් ඔහු ලගට ගියා.

" චුටී මොක........ "
අවීන් වුනේ කුමක්ද කියා අහන්නත් ප්‍රථම දිහස් අවීන්ව තදකොට වැළදගත්තා.

" එතකොට ඔයා ගියේ ඔයාගේ අත්තම්මව බලන්න හිතන්ද ? "
අවී දිහස්ගේ හිස සෙමෙන් අතගාන ගමන් තවත් තදට පපුවට තුරුලු කරගත්තා.

අවීන් දිහස්වත් කැටුව වාහනයේ පිටිපස අසුනෙ තුරුළුව සිටි. දිහස්ට හැකි තාක් අඩන්න අවීන් ඉඩ දෙද්දි දිහස් ඔහුගේ කමිස උරහිස කදුලින් තෙත් කරන්න පටන් ගත්තා.

" මන් එන්නත් කලින් එයා මාව දාලා ගිහින් අවී...... එයාව මට ගොඩක් වටිනවා. තාත්තා බෙල්ට් කැඩෙනකන් ගහද්දි අත්තම්මයි මාව බේරගත්තේ එයත් ගුටිකන්න ඇති මන් නිසා එතකොට ......... ඇයි මන් එනකන් ටිකක්  ඉවසුවේ නැත්තේ...... "

" මොනා කරන්නද මැණික , ඒත් මට විස්වාසයි අත්තම්මා හොද තැනක ඇති. අපි අත්තම්මා වෙනුවෙන් දානයක් දෙමු. "
අවීන්ට දිහස්ගේ මිත්තනියව මතක් වෙයි. වියපත් රැළි වැටුනු කුඩා මුහුණත් අහිංසක ඇසුත් සමග නිතර සිනාවෙන සැටිත් මතක් වෙයි.

" තාත්තා චුටිට ගහන්න ආවද ? "
අවීන් සෙමෙන් දිහස්ගේ හිස අතගෑවා.

" අන්න අනික , තාත්තට සිහියක් නෑ මන් කවුද කියලා. එයා මාව ඇදුරුවේ නෑ. වයසට වඩා වයස පෙනුමයි කෙඩෑරි වෙලා ගිහින් "
ඇටකටු පෑදුනු දුවිලි වලින් වැහුනු පපුවට වෙව්ලන දෑත් තද කොටගෙන සිටි තම පියාව නැවත මවා ගනිමින් දිහස් කිව්වා.

කෙසේවෙතත් පියාටත් වඩා තමන්ට පණ මෙන් ආදරය මිත්තනිය අවසන් වරට දැකගැනිමට නොහැකි වුනු දිහස්ගේන් ඉකියක් පිටවිය.

" අඩන්න එපා චුටි පට්ට කැතයි  "
හිස ඔසවා අවීන් දෙස බැලූ දිහස් අවීන්ගේ උරහිස තදින් දත් අතර සිර කරගත්තා.

" ආහ්........නවත්තනවා හලෝ "
අවීන් කාරයේ අසුනට ගසමින් කෑගහන්න වුනේ ඔහුගේ ආදරණීය බලුපැටියට ගහන්න හිත නොදෙන නිසයි.

.......................

අවීන් දොරට අත තියෙනකොටම දොර විවර විය.

" යනවලා නිදාගන්න , වදකාරයෝ.....!! "
කෑගැසු අහසි අඩිය හප්පමින් යන්න වුනා.

" ඇහැරන් මොකෝ කලේ ? "

" තමුසේ එනකන් හිටියේ අයියා "
අහසි ගස්සන් යනකන් බලන් හිටිය අවීන් දිහස්ව තම අත් අතරට ගත්තා.

" ඒයි "
උස්සන විට සෙමෙන් කියූ දිහස් සිනාවෙන හැටි අසා හැරුනු අහසි දෑස් පියාගෙන හොද හුස්මක් ඉහලට ගත්තා.

" ඕන දෙයක් අයියා තමුසෙලා දෙන්නා මහ රෑ කෙදිරිගාන්න ගත්තොත් අම්මපා මන් ඇවිත් ගහනවා බිත්තියේ !! "













ගොඩ කාලෙකින් නේ බූබු.......

පුලු පුලුවන් විදියට දෙන්නම්......

ඕක බදින්න වෙන්නෑ 😌 හුහ්.....

Kishu Aywar

One Day ( BL) (Onhold )Where stories live. Discover now