(36.)

292 57 5
                                    

මියුමිගේ භූමිදානය දවස එනකන් අවීන් මළගෙදරට යාම ප්‍රතික්ෂේප කරන්න වුනා.

" අවී සෙමෙට්රි යන්න කලියෙන් ගෙදරට ගිහින් මියුමිව බලමු ?"
දිහස් සුදු ඇදුමෙන් සැරසිලා අවීන්ගෙන් අහනවා.

අවීන් අත්බැදගෙන ආලින්දයේ විශාල සෝපාව අද්දර වාඩිවෙලා ඉන්නවා.

" මගේ බල්ලවත් ඒගෙදර පස්පාගන්නෑ !! , එකෙල්ලට හැමදේම උනේ ඔය ගුබ්බෑයමේ දි තමා ! "
අවීන් ගැඹුරු හඩින් කිව්වා.

ඒක ඇහුව දිහස් අවීන්ගේ අනෙක් පසින් වාඩිවුනා.

" ඔයාට ඕන්නම් ගිහින් එන්න චුටි "
ටික වෙලාවක් නලල රැළි කරන් හිටිය අවීන් දිහස්ට කිව්වේ හඩ බාල කරලා.

" මන් ඔයාගෙනේ , ඔයා යන්නැත්තන් මන් යන්නෙත් නෑ "
දිහස් ඔලුව පහත් කරන් කියනවා.

මේ වෙනකොට ගෙදර කවුරුත් නැති බව දන්න නිසාම අවීන් දිහස්ගේ හිස ආදරෙන් සිපගත්තා.

සිපගෙන අවසන් වෙනකොට අවීන් දැක්කා ඔවුන් ඉදිරියේ සිටගෙන ඉන්න පුංචි කෙල්ලව.

" තමුසේ මුකුත් දැක්කේ නෑ "
අවීන් ඇයට කිව්වා.

" ආහ්......ඔයිට වඩා ඒවා මන් දැකලා තියෙනවා ඕයි.... !! " කෙල්ල ගස්සලා අහකබලා ගත්තා.

" මට ඔයා එක්ක කතා කරන්න ඕන "

" පස්සේ බලමු "
අවීන් කිව්වා.

කනස්සල්ලෙන් ඔලුව වනපු කෙල්ල යනකොට දිහස් ඔලුව ටිකක් ඇලකරලා අවීන් දිහා බැලුවා.

" අවී ඒ ඔයාගේ කසින් ! "

" ඉතින් මට මොකෝ "
අවීන් සමච්චල් සිනාවක් සමග කියනවා. ඇය තම පියාගේ සහෝදරියගේ දුව වුනා. ඒකියන්නේ අවීන් වැඩිපුරම වෛරකරන කෙනාගේ දුව..... !! ඉදින් අවීන්ගේ පුංචි අඩුම අවීන් නිවසට එනවිට කන්න කෑමවත් ඉතුරු නොකරන අවස්තා සුලබ වුනා. ඒනිසා වෛරකරන එක අහන්නත් දෙයක්ද

" එයා ඊයේ ඉදන් මොනාද කියන්නේ හදන්නේ අවී...... "

" ඔයාගේ වැඩක් බලාගන්න ! "
දිහස්ට කෑගහපු අවීන් නැගිටලා යන්න ගියා.

දිහස් යටිතොල සපන් අවීන් යනහැටි බලන් ඉන්නවා. දැන් දවස් තුනක් තිස්සේ දිහස් අවීන්ගේ නිවසේ ඉන්නේ තම පියා තමන්ව මරන්කන්න කේන්තියෙන් ඇතිකියන එකත් දැනගෙනමයි.

දිහස්ගේ පියාට එහෙම වෙන්න හේතු තිබ්බා. ගෙදර සියලු වැඩ සිදුකලේ දිහස් විසින් ඉතින් ගෙදර වැඩ කරන අත් දෙක නැති වුනාම තරහයන එක සාමාන්‍ය දෙයක්.... කොහොමත් දිහස් මේ දෙවල් වලින් පස්සේ ආයේ නිවසට යන්නේ ඇගපුරා වැටෙන රතු වයිරම් වලට තෙල් ගාගන්න බලාගෙනයි.

මියුමිගේ මිනිය සොහොන් බිමට ගෙනියනකොට අවින් වගේම දිහස් ගිනිගන්නවා වගේ දැනුනා.

ආශ්කා මේවෙනකොටත් හිටියේ යෝමාල්ට බරවෙලා. එයාට අඩියක් තනියම ඇවිදගන්න පුලුවන් කමක් නෑ...

මියුමි අඩි ගානක් යටට යනකොට යාළුවෝ සතර දෙනා ඔහේ බලන් හිටියා.

" ඇයි එයාට එහෙම වුනේ !? "
හැමෝම නොදන්න ඒහේතුවත් සමග මියුමි පස්වලට යටවුනා. ( හුටා මටත් අහගන්න බැරිවුනානේ 🙂 )


























................................

ලොකු මැයි ගස සුළග කියන කියන දිහාට හෙමින් වැනෙන්න අරන් , කොළ වලින් නැගෙන සිලි සිලිය ඇරෙන්න වෙනත් කිසිදු ශබ්දයක් නොනැගෙයි.

" එතනින් එහා අපි හුගක් දුරස්වුනා හරි ඉක්මනට , මළගෙදරින් පස්සේ ගෙදර ගිහින් ආයේ ඉස්කොලේ ආවේ මගේ චූටිනෙමේ  "
අවීන් දොස්නගන ස්වරූපයෙන් කිව්වා.

නැවත නිහඩතාවයට මැදිවුනු පෙම්වතුන් ඉදිරියෙන් පෙනෙන දිගු පිට්ටනිය දෙස බලා සිටියා.

" ඔයා මොනාද දන්නේ අවී...... "
අවසානයේ දිහස් හිමින් කිව්වා.





















මේක ඉවරකරන්න ආසාවක් ආවා.

හැබැයි ස්ලෝ අප්ඩේට් හොදේ.....🙂

ඉස්සෙල්ලා චැපියේ තියෙන පික් දෙක ස්ටේටස් දැම්මම බහුතර කැමැත්ත දිහස්ට..... ඒ ඔක්කොම පරයා ඕතර්ගේ කැමැත්ත අවීට...... 😅🙂

ඔයාලට හිතෙන විදියට මේක කොහොම ඉවරවෙයිද

එයාලා එකතුවෙයිද ?
නැතිවෙයිද ?

ප්ලිස් ගෙස් ඉට් 🙃

Kishu aywar...

One Day ( BL) (Onhold )Where stories live. Discover now