(.20.)

459 88 6
                                    

අවීන්ව දුටු ආශ්කා තවත් අඩන්න වුනා.

" ආශියෝ..... "
මියුමි ආශිව වැළදගෙන උරහිස මත හිස තැබුවා.

" මොකද ? "
අවීන් අසයි. ඔහු ලගින්ම සිටින දිහස් නොදැනිම අවීන්ගේ අත තද කරගත්තේ ආශි අඩන්න හේතුව අවීන් හා තම අමුතු සම්බන්ධයදෝ සිතමින් ,

" යොමාල්....... "
ආශි සෙමෙන් මුමුනගත්තා.

"  ආයේ වද දුන්නද ? "
අවීන් අසයි. ආශ්කා බිමට නැඹුරු කරගත් හිස දෙපසට වනයි.

" ආයේ වද දෙන්න එන්නෑ කිව්වා "

" ඔයාට ඕන වුනේ ඒකනේ "

" මන් දන්නෑ......මාත් එහෙම හිතුවා , ඒත් එයා මගේ මූණවත් බලන්නෑ කියලා තෙරෙද්දි මට ඇඩෙන්න එනවා..... "

අවින්වත් , මියුමිවත් කවදාවත් මෙවැනි දෙයක් බලාපොරොත්තු නූනා. ආශා හැගිම් රහිත දැඩි බවක් නිතර පෙන්නුම් කලා. ඒවගේම ධනවත් පවුලකින් පැවතීම හා ලස්සන නිසා මැවුනු ආඩම්බරකමක් නිතර ඇයවටා තිබුනා.

ඇය තදින් යොමාල්ව ප්‍රතික්ෂේප කල බව අවීන්ට මතකයි.

" හ්ම්..... මන් ඌට කතා කරන්නම් " අවීන් එතනින් යද්දි ආශි දෙස බලා " ඔයා අඩන්න එපා " කියූ  දිහස් අවීන්ගේ කමිස කොනකින් අල්ලන් ඔහු පිටුපසින් ගියා.

" ඇයි බන් මේ "
මියුමි ආශ්කා සමග පන්තියට පැමිනියා.

" එයා.......එයා කිව්වා ආයේ වද දෙන්න එන්නෑ කියලා. තව කතා කරන්නෙත් නෑ කිව්වා. "
ආශ්කාගේ ඇස් වල කදුලු.

" ඉතින් , ඔයාට ඕනවුනේ ඒක නෙමේද?"

" නෑ.....අනේ "
ආශ්කා අඩයි.

" මන් එයාට ආදරෙයි , ඒත් මට එයා එක්ක යාළුවෙන්න බයයි "

" මට තෙරෙනවා බබා , අපි එයාට තෙරුන් කරමු... "
මියුමි ආශ්කව අස්වැසුවේ ඇගේ පවුල් පසුබිම දන්නා නිසයි.

ඇගේ බලවත් ව්‍යාපාරික පියා නපුරු මිනිසෙක් වූ අතර නීතිඥයෙක් ව සිටි ආශ්කගේ මවට රස්සාවට යාම තහනම් කලේ ගැහැණුන් ගැන ඔහු සිතන පටු විදිය නිසාමයි.

පවුලේ එකම දරුවා ගැහැණු ළමයෙක් වීම ඔහුට නුරුස්සනකොට ආශ්කට සෑම විටම බැනවදියි.

One Day ( BL) (Onhold )Where stories live. Discover now