40

323 59 4
                                    

" මාව හම්බෙන්න පුලුවන්ද ? "
අවීන්ට දුරකතනයෙන් ඇසෙන හඩට කන් දීගෙන හිටියා. දුරකතනයෙන් වුනත් ඔහු අදුරගත්තා කටහඩ දිහස්ගේ කියලා.

" කීයටද ? "

" තව පැයභාගෙකින් , ඉස්කොලේ ලග පොඩි පා'ක් එකේදි "

" හ්ම්...."
කෙටියෙන් කිව්ව අවීන් දුරකතනය ඇද කොනකට විසිකරලා ඇදේ හාන්සිවුනා.

ඇස් පියාගත්තම ආයෙත් පාරක් අවීන්ගේ ඇස් වලට දිහස් වෙනත් තරුණයෙක් වැළදගත් හැටි මැවි පෙන්න වුනා.

" එපා චුටි මට මෙහෙම කරන්න , පපුව රිදෙනවා "
...........................

පැයක් නැහැ ,  දෙකක් දිහස් එකදිගටම ඉස්කොලේ ලග තියෙන පුංචි උද්‍යානයට වෙලා බලන් හිටියා.

එයාගේ ඇස් , භාගෙට ඇරුණ පුංචි ගේට්ටුවෙන් ඈතට යොමුවෙලා තිබුනා. ඇගිලි එකිනෙක පටලවගන්න ගමන් " ඉක්මනට එන්නකෝ " කියලා ප්‍රාර්ථනා කලා.






















































එදා වගේම අදත් ඒකියන්නේ වර්තමානයේ දිහස්ගේ අතැගිලි එකිනෙක පැටලි තිබුනා. වෙනසකට එදා බලන්න ප්‍රාර්ථනා කරපු ඇස් අද එයා දිහා බලන් ඉන්නවා.

" එදා ඔයා ආවේ නෑ අවී...... මන් බලන්හිටියා......" දිහස් කැඩුනු ස්වරයෙන් කිව්වා.

" මට සමාවෙන්න.... "
අවින් බිම බලාගත්තා.  හේතුවක් තියනවා එයාට කියන්න. ඒත් එයා ඒක නොකියන්න තීරණය කලා.

" ඔයාට වටින්නෑ අවින් මට එහෙම කරන්න. මන් එදා ආවේ ඔයාට කියන්න, මට යන්න වෙනවා කියලා. තව මොනදේ වුනත් මන් ඔයාට ආදරෙයි කියලා. "

දිහස් අන්තිම ටික කියද්දි අවීන්ගේ මුණ බැලුවා  ආඩම්බර අවින්ගේ ඇස් ලොකු වෙලා කදුලු පිරෙන්න අරන් , මේ ඉන්නේ දැන් විනාඩියකට කලින් හිටපු කෙනා නෙමේ වගේ.

අවීන්ට දිහස්ව තුරුලු කරගන්න ඕන කමක් තදින්ම දැනුනත් එයා තවත් ඉන්න හිතුවා. එයාලගේ කතාවේ තව පොඩි පොඩි දේවල් ඉතුරුයි.

" ඉතින් ඔයා කොහෙද ගියේ ? එකපාරම ?? "

" මන් තව හිටියනම් මගේ අම්මගේ වයසේ ගෑණියෙක්ව බදින්න වෙන්න තිබුනා. එදා අපි අන්තිමටම හම්බුනු ඉස්කොලේ දවසේ ඉස්කොලේ ඇරුණම අම්මා බැදපු කෙනා ආවා. එයා මට කිව්වා අම්මවයි මාවයි අරන් ටිකක් දුරකට යන්න එයා ලෑස්ති කියලා. මන් ඊටපස්සේ ඉරිදා ඔයාට එන්න පුලුවන්ද ඇහුවේ අන්තිම වතාවට ඔයාට එක පාරක් තුරුලු වෙන්න හිතන්..............ඒත්.........ඒත්.....අන්තිමට ඔයා ආවේ නෑ... "
දිහස් හුස්මක් හෙලුවා.

" ආයෙත් සමාවෙන්න "

දෙන්නට දෙන්නවම හොදටම මගඇරිලා. බිදුනු තැන් වලට පැලැස්තර දාන් හරි ආයේ එයාලා එකතු වෙන්න ඕන.

ඒක දිහස්ට වගේම අවීන්ටත් හිතුනා.

මියුමිගේ සොහොනට ටිකක් එහැයින් තියෙන මැයි ගස පාමුල ඉන්න පෙම්වතුන්ගේ කකුල් ලගට මැයි මල් පාවෙලා ඇවිත් වැටෙනවා.

මැයි මල් රතු පාටයි. ආදරයේ පාටත් රතු. ඇයි ආදරේ පාට රතු වුනේ ? සමහර  විට ආදරේ ඇතුලේ තියන වේදනාව නිසා වෙන්න පුලුවන්..... ආදරෙ රතුයි කිව්ව අයත් ඒක දකින්න ඇති. සමහර විට අත් දකින්න ඇති.

ආදරය නිර්වචනය කරන්න අපිට පුලුවන්ද ඊට කලින් හිතලා බලන්න ටිකක් නැවතිලා  ඔයා නිසා කෙනෙක්ගේ හදවත සතුටින් ගැහෙන්න අරන් තියනවද කියලා....

" අවීන් "

" ම්ම්..... "

" මට තව ප්‍රශ්නයක් තියෙනවා "

" මොකද්ද ? "
අවීන් දිහස් දිහාවට සම්පුර්ණයෙන්ම හැරුනා. හරියට ඉස්සර එකදිගට කියවන චූටි කියන දේවල් අහන්න හැරෙන එයාගේ අවී වගේ....

අවීන්ට ආයෙත් යාන්තමින් වගේ පරන ලෙන්ගතු උණුහුම වැදෙන්න අරන්දෝ මන්දා.

" මියූ ඇයි අපිව දාලා ගියේ ? "

" ඒක දිග කතාවක් දිහස් "

අවීන් කිව්වේ දිහස් කියලද!! , දිහස් හිතින් මිමිනුවා. ඉස්සර වගේ චූටි කියලා කතා කරන්නකෝ ,

" කමක් නෑ , මන් අහන් ඉන්නම් "

" ඒත් ඒක ඇහුවම ඔයාට දුක හිතෙයි. "

" ඔලුව තියාගන්න උරහිස දෙනවනම් ලොකු අවුලක් වෙන එකක් නෑ "
දිහස් ඔලුව ටිකක් ඇලකරන කොට අවීන් හිනාවෙලා දිහස්ගේ කම්මුල ටිකක් මිරිකුවා.




























අතීත සිද්දී තව එක චැපියකින් ඉවරයි ළමයි....... 

✨️😌

Kishu aywar

One Day ( BL) (Onhold )Where stories live. Discover now