(.52.)

238 42 18
                                    

" ඇයි අවීන් ඔලුව ගහන් ඉන්නේ රත්තරන් " දිහස් දැන් හුග වෙලාවක ඉදන් බලන් හිටියේ අවීන් ඇද විට්ටමට හේත්තු වෙලා දෑස් පියන් ඉන්න සැටි.

" ඇයි අවීන් ඔලුව ගහන් ඉන්නේ රත්තරන් "
ආව වෙලේ ඉදන් කාමරේට වෙලා ඇදවිට්ටමට ඔලුව හේත්තු කරන් ඉන්න අවීන්ට තුරුල් වෙන ගමන් දිහස් අහනවා.

" නෑ ටිකක් ඔලුව රිදෙනවා ඒකයි "
අවීන් දිහස්ගේ අත අරන් තමන්ගේ නලලින් තියලා පෙන්නුවේ පොඩි ළමයෙක් අම්මට තමන්ගේ ඔලුවකැක්කුම ගැන කියනවා වගේ.

" කෝ චුට්ටක් එහාට යන්න "
අවීන්ව ටිකක් එහාට තල්ලු කරලා ඇද අයිනෙන් වාඩිවුන දිහස් අවීන්ගේ උරහිස වටා අත යවා තමන්ගේ පපුවට ඔහුව තුරුලු කරගත්තා.

හිත සනසන දිහස්ගේ සිරුරෙන් නික්මෙන සුවද විදිමින් අවීන් දිහස්ගේ පපුව ඉව අල්ලන්න උනා.

" චුටි "
අවීන් හිමින් මිමිනුවා.

" කියන්න මැණික "
දිහස් තම ඇගිලි එහෙමෙහේ යන අවීන්ගේ හිසකෙස් අතරින් ඔහුගේ හිස සිම්බා.

" ආයේ මොකුත් කරදරයක් වෙන්න කලින් අපි බදිමුද බන් ? "

ලාවට හිනාවුනු දිහස් ආයෙත් අවීන්ගේ හිස සිබ " බදිමු , දැන් උනත් මට කමක් නෑ " කියා නහය හකුලුවමින් දිහස් සිනාවුනා.

විනාඩි කිහිපයක් අවීන් දිහස් දෙස බලා ඉදියේ හිනාවෙනකොට දිහස්ගේ තියන අමුතුම ලස්සන නිසයි.

" ආව්..... මෙන්න අර වැම්පයර් හිනාව "
හිනාව නිසා නොදැනිම මෝදු වෙමින් තිබ්බ අවීන්ගේ නලදත් නිසා දිහස් හු‍රතලයට කියනකොට අවීන් පිටිඅල්ලෙන් තමන්ගේ මුව වසා ගත්තා.

" මූණ වහගන්නේ මොකො... , මං ආසයිනේ ඔය හිනාවට "
දිහස් අවීන්ට හුරතල් වෙන ගමන් කියයි. .

අවීන් දිහස්ගේ නලලට හාදුවක් තිබ්බා.

" ඉන්නකෝ , මන් ලස්සනට පුංචි උත්සවයක් අරන් චුටිව මගේ කරගන්ම්කෝ. එතකන් මොන හෙනයක් පාත් උනත් මා එක්ක ඉන්න..... "
හිමින් කනට කොදුරපු අවීන් දිහස්ගේ දෙතොල් හිමින් තමන්ගේ දෙතොල් හා පටලව ගත්තා.

..............................

" මගේ කෙල්ල "
ඈතින්ම ආශ්කා එනවා දැක්ක අවීන්  අත්විහිදන්ම දුවන් ගිහින් කෙල්ලව බදාගෙන ටිකක් ඉස්සුවා.

One Day ( BL) (Onhold )Where stories live. Discover now