(45)

340 58 14
                                    

අවීන් ඇස ඇරිය ගමන් හිමින් සැරේ ඇද සොලවන්නේ නැතිවෙන්න නැගිටුනා.

ඔහු නිරුවතින් සිට තම ඇද මත නිරුවතින් ඉන්න තරුණයා දිහා බලන් හිටියා.

" හැමදාම නැගිටිනකොට මෙහෙම ඔයා මගේ ළග ඉන්නවනම් "
හිමින් තොල් මුමුනපු අවීන් හැරි හිරි ඇර තම තුවාය අතට ගත්තා.

ඒගමන්ම නැවතිලා සිනාවුනේ දැනටමත් තමන්ගේ ඉනවටා එතුනු අත්දෙක නිසයි.

" මොකෝ මේ "
දෑතේ අයිතිකරු හිමින් හිමින් අවීන් ඉස්සරහට එනකොට අවින් ඇහුවා.

" මෙහෙම ඉන්න දෙන්න "
ආයෙත් අවීන්ව තදින්ම වැලදගත් දිහස් පපුවේ මුහුණ හංගාගත්තා.

" මට කොච්චර මග ඇරුනද ඔයාව ? "
අවීන්ව තදින්ම වැළදගෙන දිහස් කියනකොට එයාට දැනුනා උනුහුම් දෑතක් තම නිරුවත් ඉනවටා එතෙන හැටි....

" ම්ම්.......මටත් " කියලා අවීන් දිහස්ගේ හිස සිඹ " ගොඩක් " කියලා කන ලගට හෙමින් මිමිනුවා.

" අපි යන් "
අවීන් දිහස්ව අත් අතරට අරගන්න කොට දිහස් ගෙලවටා අත් යැවුවා.

" ලෑස්තිවෙමු පොඩ්ඩක් ඇවිදින්න යන් අද "
අවීන් දිහස්ගේ කම්මුල් ආදරණීයව අතගාන්න වුනා.

......................

" ගුඩ්මෝනින් අප්පච්චි "
අවීන් කෑමමේසයේ වාඩිව ඉන්න සූරියවංශ මහතාව උණුසුම් වැළදගැනිමක් ලබාදුන්නා.

" ගුඩ්මෝනින් පුතා......... "
පියා සිනාසී තම අතේ වූ පුවත්පත පහල දැමුවා.

" ආහ් මේ ළමයා කවුද ?......... ආශ්කගේ වෙඩින් එක වෙලාවේ කැමරාවක් උස්සන් එහාටයි මෙහාටයි පැන පැන හිටියේ මේ ළමයා නේ "
සූරියවංශ මහතා දිහස් සමග සිනාවුනා.

" ඕහ්.....අප්පච්චි මේ දිහස් "
අවීන්ද සිනාවී කියනකොට සූරියවංශ මහතා ඇස් ලොකු කරගත්තා.

" ආහ් දිහස් පුතා , ගොඩ කාලෙකින් එන්න වාඩිවෙන්න "
සූරියවංශ මහතා තමන් අසල පුටුව ඇද දිහස්ට වාඩිවෙන ලෙස ආරාධනා කලා.

සූරියවංශ මහතා මැදිවිය වුවත් නොමැකුනු කඩවසම් බවක් ගැබ්ව තිබුනේ මනාව කැපූ කොන්ඩය හා රැවුලත් පරිණතබව පෙන්වා සුදුපැහැ ගනිමින් .

One Day ( BL) (Onhold )Where stories live. Discover now