(53)

184 32 15
                                    

දිහස් කොච්චර සද්දෙ නොඑන්න වැඩකරත් අතේ වැදුනු හැන්දක් සද්දෙට බිම වැටුනා

" ආයි..... සීතලයි "
හැන්ද ගන්න නැවුනු දිහස්ගේ බඩ සීතල වෙනකොට ඉද්ද ගැහුවා වගේ කෙලින් උනේ රවාගත් මූණක් එක්ක.

" සද්ද කරන්න එපා ගොනෝ , ගෙදර එවුන් හිතයි හොරු පැනලා කියලා "

" මොන මගුලකටද ඔය රෙද්ද මගේ බඩේ ඇතිල්ලුවේ , ඇයි අප්පා සීතයිනේ "
දිහස් අවීන් රහසින් කිව්ව රාවෙටම ආයේ පෙරලා කියන ගමන් අවීන්ගේ අතේ තියන සීතල බියර් ටින් දෙකටත් රැව්වා.

" හරි හරි බං , කෝ දැන් හදලා ඉවරද ? "
දිහස්ව වැලදගන්න ගමන්ම දිහස් මෙතෙක් යුද්ද කර කර හිටපු සෝස් පෑන් එකට එබුනා.

" ඔය ඇති අරන් යන් "
අවීන් ආයෙත් දිහස්ගේ පපුව මත සීතල ටින් එක දවටන ගමන් දුවන් ගියා.

" ආයියා , බුරුවා......"
දත් මිටි කන ගමන් ගෑස් ලිපත් නිවලා දාලා සෝස් පෑන් එකත් උස්සන් දිහසුත් අවීන් පස්සෙන් යන්න ගත්තා.

" යකෝ පෑන් එක පිටින් උස්සන් ආවේ ඔය ටික මොකක් හරි භාජනේකට දාන් එන්න එපෑ "

අවීන් තම කාමරයේ බැල්කනියට ගිහින් හැරිලා බලනකොට උණු සෝස් පෑන් එකත් දික් කරන් ඉන්න දිහස්ව දැක්කා.

" ඕන්නෑ ඕන්නෑ මං ආසයි මේකෙන් කන්න "

" ඕකෙන් කන්න ආසයි ? "
අවීන් ඇස් ලොකු කරගෙන ඉනට අත් තියාගත්තා.

" ඔව් ඇයි "
තාමත් දිහස් අත් දෙකෙන්ම පෑන් එකේ අල්ලුවෙන් අල්ලගෙන හිටන් ඉන්නවා.

" අනේ පලයන් බන් යන්න. නිකන් හරි හෝදන්න උනොත් භාජන වැඩි වෙන නිසානේ ඔය..." කියලා කියන ගමන් අවීන් බැල්කනියේ බිම හිමින් වාඩිවුනා.

" අම්මෝ අම්මෝ කොන්ද, වයසට ගිහින්ද මන්දා..... "

" හරි ලාවට ඒකත් එහෙම තමා "
අහක බලන් හුරතලේට බුම්මන දිහස්ව කාමරේ ලයිට් එක නිසා බැල්කනියට වැටෙන ආලෝකයෙන් බලන් අවීන්  හිනාවුනා.

" මේක කොහෙන්ද තියන්නේ "

" නිවෙනකන් ඔහොම අල්ලන් ඉන්නවා "
අවීන් එක බියර් ටින් එකක් කඩන ගමන් ගානක් නැතුව කිව්වා.

One Day ( BL) (Onhold )Where stories live. Discover now