(55)

159 25 4
                                    

ජිවිතේ ගොඩක් අමාරු දෙයක් කොයි කාට වුනත් , දන්නවද ගොඩක් ලොකු ප්‍රශ්නයක් තමා ආදරය කියන්නේ. 

ඒකත් එකම මනුස්සයෙක්ට දෙන්නෙක් ආදරය කරන එක..... ඔතනින් වෙන්නේ එක්කෙනෙක් තනිවෙන එකයි අනිත් දෙන්නා එකට පසුතැවෙන එකයි. 

" හරියට අපේ කතාව වගේ " 

දිහස් කොහෙදෝ ඈතක් බලන් කියනකොට අවීන් දිහස්ගේ අතින් අල්ලගත්තා.

" ඒකෙල්ල මට පුදුම ආදරෙයි කියලා මන් දන්නවා  ඒත් කොහොමද මන් එයාට කැමති වෙන්නේ දැනටත් කෙනෙක්ට මන් ආදරය කරද්දි..... "

" මට කියන්න තිබ්බා "

" මාන් හිතුවා හැමදේම හරි යාවි කියලා....... "

" ඒත් එහෙම උනේ නෑ නේද අවී..... "

" එහෙමයි කියලා මන් හිතන් හිටියා ඒත් අද............ "

.................................. 

ඒවෙලාවේ දිහස් ආශ්කා හා ගිය පසු අවීන් ටිකක් වටපිට බලනගමන්  සංගීතයට සවන් දෙන්න උනා.

කරච්චල් ගීතයන් වෙනුවට වාදනය වන සෞම්‍ය සිංහල ගීත එක්ක පෙම්බදිමින් අවීන් සෙමෙන් විස්කි වීදුරුව තොලගාන්න උනා.

" අයියේ " 

" ආහ්, නංගි කොහොමද ? "

අවීන් අපහසුවෙන් වගේ හිනාවුනා. ඔහුට ඕනෑ උනා පුලුවන්තරන් සාමාන්‍ය ලෙස සිටින්ට.... 

" කොහොමද මන් හොදින් වෙන්නේ අයියේ......... ඔයා මෙහෙම මට කරද්දි " 

දෙව්නිගේ කතාව අවින්ට එතරම් අල්ලන්නේ නෑ.

" මන් කිව්වනේ නංගි මනුස්සයෙක්ට බලෙන් ආදරේ පැලකරන්න බෑනේ  "

" කවුද ඒ , අයියේ කවුද ඒ කෙල්ල මාව ඔයාගෙන් ඈත් කරපු "

" අපි වෙන වෙලාවක කතා කරමුකෝ මේවා "

අවීන් හිනාවී අනෙක් පස හැරුනත් එක්කම දෙව්නි අවීන්ව පිටුපසින් වැලදගත්තා.

" දෙව්නි! " 

තරහෙන් දෙව්නිව ඈත්කෙරු අවීන් දෙව්නිගේ අතින් ඇදගෙන නිවසින් ඉවතට ගෙන ආවේ මිනිසුන් ඉදිරියේ කතාකරන්න පුලුවන් මාතෘකවක් ඔවුන් අතර නොතිබ්බ නිසා.

You've reached the end of published parts.

⏰ Last updated: Jan 31 ⏰

Add this story to your Library to get notified about new parts!

One Day ( BL) (Onhold )Where stories live. Discover now