(35.)

333 59 13
                                    

එදා හරි මූසල දවසක් උදේවරුවක් වුනද මුළු පරිසරය අදුරු කරලා කරදරකාර හිනී පොදයක් වැටෙමින් තිබුනා.

නිවසේ ගණන් කළහැකි කිහිපදෙනෙකු පමණක් සිටියි.

දිහස්ගේ වෙළුණු ඇස් වලින් නැවත කදුලු ගලන්න උනේ මියුමිගේ ගෙදර මිදුලට පැමිනි හර්ස් එක නිසයි.

ළහි ළහියෙන් වාහනයෙන් බැසගත් දෙදෙනෙක් නිවසේ ස්ථානය සුදානම් කොට මියුමිව පරෙස්සමෙන් ගෙනත් තැබුවා.

දිහස් අවීන්ගේ අත තදකර ගෙන බලන් හිටියේ මියුමි දිහා.

එක්වරම අවීන්ගේ කටින් ඉකියක් පිටවෙනකොටම අතින් කටවසා ගත්තා.

" ගියපාර මියූ බර්ත්ඩේ පාර්ටි එකේ ඇදන් හිටියේ මේක.... "
අවින් දිහස්ට සෙමෙන් මිමිනන ගමන් " ඔයා ලස්සනයි මැණික " කියලා කිව්වා.

මියුමිගේ අම්මා එකදිගට මිනිය දිහා බලන් හිටියා. අඩනවා වෙනුවට එයා වෙව්ලන හැටි දිහස් දැක්කා. අඩාගන්නවත් හයියක් නැතිව ඇති කියලා හිතපු දිහස් ඇයට අනුකම්පා කලා.

දිහස් අවීන්වත් ඇදන් ගෙදරින් එළියට පැමිනියේ ඔහු පිස්සෙක් වගේ අඩන නිසාමයි.

බිත්තියට හේත්තු වෙලා මෝචරියෙන් ආව දෙන්නා ලොකු කතාවක දිහස් එයාලව නොසලකමින් අවින්වත් එක්කන් ගෙදර යන්න හිතුවත් අවීන් එකපාර නතර වුනේ එයාට ඇහුණු කතාවට.

" උබ මේ ගෙනාපු කෙල්ල එක්ක හිටියද ? "

" නැත්තන් , එකී පට්ට ආහ් , හැබැයි කෙල්ල වර්ජින් නෑ....."

එය ඇහුණු සැනින් අවීන් දිහස්වත් තල්ලු කරන් මෝචරියෙන් ආ මිනිසගේ ගෙල තද කරන්න වුනා.

" අවීන්!! " වුනු දේවත් ඇහුණු දේවත් හිතාගන්න බැරිව දිහස් බිදුණු ස්වරයෙන් කැගැසුවා.

" මොකද්ද තිරිසනා උබ කිව්වේ !!?? "
අවීන් රතුවුනු දෑසින් අප්පිරියාවෙන් බලමින් කියයි.

" අතඇරපන් මල්ලි මොකද මේ!? "
අනෙකා අවීන්ව පිටුපසට අදියි.

" තෝ මොකද්ද බල්ලෝ ඒ කිව්වේ ?! "
අවීන් ඔහුවත් පෙරලන් බිම වැටුනත් පොඩ්ඩක් හෝ ගෙල ලිහිල් කලේ නැත.

One Day ( BL) (Onhold )Where stories live. Discover now