(49)

305 59 13
                                    

" කවුරු "
දිහස් නලල රැලි කරන් අවීන් දිහා බැලුවා. එයාට මතක විදියට අවීන්ගේ නංගිගේ නම අහසි. එතකොට කවුද දෙව්නි ,

" යොමාල්ගේ නංගි දෙව්නි "

" ආහ්..... එයාව ඇයි ඔයා ගන්නෙ..... එයා කොහෙද ගියේ , අනික එයා බබෙක්ද...... එයාගේ අයියා ඉන්නේ..... "
දිහස් පොලිමට අහන් ගියේ එදා විවාහ උත්සවය දවසේ දෙව්නි ඕනවටත් වඩා අවීන් ළග දැවටුන නිසයි.

" මෙයාත් අම්මේ...... අරුන් ඉතින් පැනි හදේ ගිහින් ආතල් එකේ ඉන්නකොට අර පුංචි කෙල්ලව ක්ලාස් ඇරිලා ගන්න කෙනෙක් නෑනේ. ඒනිසා මන් කිව්වා මන් එයාව ගන්නම් කියලා. "

" ආහ් දෙව්නි තාම ඉස්කොලේ යනවද එතකොට "

" ඔව් එයා දැන් දොළහේ "

" හ්ම් "
දිහස් ශටරයෙන් ඉවත බලා ගත්තා.

විනඩි දහයක් පමන වැයකිරිමෙන් එම ප්‍රදේශයේ පිහිටි ප්‍රසිද්ද කාන්තා පාසලක් අසලින් වාහනය නතර කෙරූ අවීන් සීට් බෙල්ට් ගලවා දමා " මන් දෙව්නිව එක්ක එන්නම් " කියාගෙන වාහනයෙන් බැස්සා.

දිහස් වාහනය තුලට වී අත් බැදගෙන අවීන් දිහා බලන් ඉන්නවා.

" මේ සෙනසුරාදා මොන මගුලට ඉස්කොලද මන්දා " දිහස් තියන තරහටත් එක්ක තනියම කියවන්න ගත්තා.

ටික වෙලාවකින් අවීන් ලගට දුවන් ආව පුංචි හුරුබුහුටි කෙල්ල අවින්ව වැළදගත්තා.

දිහස්ටත් නොදැනීම වාහනනේ ඩැෂ් බෝර්ඩ් එකට වේගයෙන් ගැහුනේ දෙව්නිගේ කෙලිලොල් වැළදගැනිම නිසයි.

අවීන් කෙල්ලව ඈත් කරාම හුරතල් විදියට අවින්ට දිව දික් කරපු කෙල්ල දුවගෙන ඇවිත් වාහනයේ පැසෙන්ජර් සීට් එක පැත්තෙන් දොර ඇරියා.

දෙව්නිගේ මුහුන අදුරු වෙලා ගියේ දැනටමත් දිහස් එතන අයිති කරන් ඉන්න නිසයි.

" හලෝ "
දෙව්නි හිනාවෙන්න ඕනවට වගේ දිහස් එක්ක හිනාවුනා.

" දෙව්නි නගින්න "
අවීන් දොර අරිනගමන් කිව්වා.

" කොහොමද අද ඔයාගේ නෙට්බෝල් ප්‍රැක්ටිස් "
අවීන් පිටිපස හැරිලා දෙව්නි එක්ක හිනාවෙනකොට දෙව්නි හුරුබුහුටි මුහුණක් මවා ගත්තා.

One Day ( BL) (Onhold )Where stories live. Discover now