(54)

387 43 11
                                    

" ඔයාට පිස්සු "
ආශ්කා ඇස් ලොකු කරන් දිහස් දිහා බලන් හිටියා. දිහස් දිහාම නෙමේ දිහස් අතෙහි වූ පාර්සලය දිහා .

" අනේ මේක ගන්නකෝ "
දිහස් තවත් ඉස්සරහට ඒ පාර්සලය දිගුකරමින් ආශ්කට ගන්න ඇවිටිලි කලා.

" මායි මහත්තයයි එද්දි අරන් ආවේ , ලස්සන පොඩි තෑග්ගක් "

" පොඩ්ඩක්..... මොකක්......මහත්තයා !! "
ආශ්කා ඇස් හිනී කරන් අහනකොට දිහස් මුලු මූණම රතු කරන් දිහස් බිම බලාගත්තා.

" අයියෝ වැරදිලා කියවුනේ "
දිහස් තමන්ගේ මූණ අත් වලින් වහගන්න ගමන් කිව්වා.

" දිහා අවීට එහෙමද කතාකරන්නේ "

" සමහර වෙලාවට කියනවා , හැමවෙලේම නෑ "

" දිහා එහෙමම කියන්න , ඔයා එහෙම කියද්දි හරි ශෝක් "
ආශ්කා දිහස්ගේ කොණ්ඩය චුට්ටක් අවුල්කරා.

" මං ටිකක් අරහේ විසිට් එකක් දාලා එන්නම් දිහස් මොනාහරි කන්නත් අරන් ඔයාගේ මහත්තයා ගාවට යන්න "
තමන්ගේම වයසේ වුනත් දිහස්ට තිබ්බ හුරුබුහුටි පෙනුම නිසා ආශ්කා දිහස්ගේ කම්මුල් දෙපැත්තෙන් තදකරගෙනම ගියා.

දිහසුත් ඈතින් යන ආශ්කට පොඩි එකෙක් වගේ ඔලුව වනලා අවීන්ව හොයන් යන්න ගත්තා.

ටිකක් ඇවිදිමින් සිටිය ආදරණීය චොක්ලට් ලෝලී දිහස් පොඩි ළමයින් වෙනුවෙන් පසෙක තිබ්බ විශාල චොක්ලට් භාජනය දෙස බලාසිටියා.

.............

දෑස් අඩවන් කරන් බර කල්පනාවක සිටි අවීන් ලගින් සැටිය මත වාඩිවූ දිහස් තමන්ගේ කකුලින් අවීන්ගේ කකුලට සෙමෙන් තට්ටුවක් දැමුවා

" බබා.... මෙහේ යුද්දයක් වෙනකොට ඔයා කොහෙද ගිහින් හිටියේ....... "

" යුද්දයක් , මොන "
දිහස් හුරතල් විදියට ඔලුව ඇලකලා.ඒ අතර දිහස්ගේ එකට ගුලිකරගත් දකුණත අවීන්ගේ ඇසට අසුවුනා

" නිකන් කිව්වේ , මොනාද ඔය අතේ ගුලි කරන් "

දිහස් හිනාවීගෙන අත දිගඇරලා අවීන්ට පෙන්නනකොට අවීන් තමන්ගේ දඹරගිල්ලේන් හෙමින් හිස පිරිමැද්දා.

" ඔවා අර ආපු පොඩි එවුන්ට තිබ්බේ කොල්ලෝ "

" දෙකයිනේ ගත්තේ , එතන ගොඩක් තිබ්බා. මන් මේ දෙකක් ගත්තා කියලා ඕක අඩුවෙනවෑ..........එකක් ඕන්ද ? "
දිහස් අවීන් දෙසට තම අත දිගුකරත් අවීන් ඔහුගේ අත ඈත් කරා.

One Day ( BL) (Onhold )Where stories live. Discover now