(.5.)

650 115 6
                                    

" අවී "
අවීන් වාඩිවූ සැනින් එතනට ආ හුරුබුහුටි කෙල්ලෙක් සිනාසෙයි.

" හෙයි මියුමි "
අවීන් මියුමි හා හිනාවන විට දිහස් ඇස් හිනි කර කට ඇදකරගෙන බලයි.

" ඔයා දැක්කද ආශිව "

" එයා මිඩියා වලට ඉදලා ආවා , සමහරවිට කොරිඩෝ එකේ ඇති  "

" හරි මං බලන්නම් , යන්නම් අවී , යන්නම් දිහස් "
ඇය හුරුබුහුටි ස්වරයකින් කියා දිව යයි.

" යැයි යැයි......... "
දිහස් කට ඇද කර මියුමි යන සැටි බලා සිටියි.

" මොකෝ බුම්මන්නේ "

" ඇයි ඔයා එයා එක්ක නැලවෙන්නේ "

" නැලවෙන්නේ , ඔයාට පිස්සුද "

" නෑ එහෙම නෙමේ , මේ........ එයා ටිකක් කෝලමක් වගේ "
දිහස් එක්වර ගැස්සින. අවීන් කා සමග සිනාසුනත් , කතාකලත් එය දිහස්ට අදාල නොවේ වුවත් ඔහු තරහගනි.

" ඒ එයාගේ හැටි , එයා ටිකක් දගයි. ඒත් හරි හොදයි. මං එයාට කැමති "

" කැමති ! ඔයා එයාට කැමතිද "
දිහස් එක්වර අවීන්ගේ අතක් තදින් අල්ලා මුහුනට එබිනි.

" ඔයාට මොකද වෙලා තියෙන්නේ "
දිහස්ගේ වැදුනු නියපොතු වලින් තරු පෙනුනු අවීන් දිහස්ට රවයි.

" මුකුත් නෑ ඉතින් , මං හිතන්නේ කොල්ලාගේ ක්‍රශ් එකද කොහෙද "
දිහස් සිනාසී අවීන්ට ඇගිල්ලෙන් ඇන්නේය.

" නෑ එහෙම එකක් නෙමේ , මමයි , ආශියි , මියුමි , යොමාලුයි පොඩිකාලේ ඉදන් යාලුවෝ "

" යොමාල් කියන්නේ අර ආශ්කගේ පස්සෙන් සත්‍ය ප්‍රේමය ඉල්ලන් දණගාන් එන එකා නේද "

දිහස් දෙස බලමින් අවීන් සිනාවෙයි.

" මොකද හිනාවෙන්නේ "
අවී හිනාවෙනකොට ලස්සනයි. එයාගේ නලදත් නිසාද මන්දා . දිහස් කලපනා කරනවා.

" ඔයා වෙලාවක පුංචි ගෑණු ළමයෙක් වගේ හරිම කියුට් "
අවීන් දිහස්ට ඇසක් වසා ඉගිකරයි.

" නෑ මං නියම පිරිමියෙක් "
දිහස් තම අතේ පිරුනු මස්පිඩු පෙන්වමින් කියයි.

" කලිසම ගලෝලා පෙන්නනවා බලන්න පිරිමියගේ සයිස් එක "

" සැක් විතරක් , තමුසේ මහ වල් නේ "

" රතුවෙලා කෙල්ලෙක් වගේ "
අවීන් නැවත සිනාවෙයි.

" ඕක නවත්තගන්නවාකෝ හලො "
දිහස්ගේ මුහුන රතුවී ලැජ්ජාවෙන් ඇබරෙයි. අවීන් දිහස්ගේ රතුවුනු කම්මුල් දෙස බලා සිටියි.

කවදාවත් නොදැනුන ලෙස දිහස්ගේ කම්මුලක් අල්ලා සෙමෙන් සිපගැනිමට අවීන්ට හිත්විය.

" නෑ නෑ......."
අවීන් දැස් වසා හිස දෙපසට වැනිය.

තමන් පිරිමි ලමයෙක් ලෙස තවත් පිරිමි ලමයෙකුගේ කම්මුලක් සිප ගැනිමට සිතිම පහත් ලැජ්ජාසහගත සිතිවිල්ලක්.

අවීන් නැවත දිහස් දෙස බැලිය. ඔහු කම්මුල මත අතක් තබාගෙන පොතක් කියවයි.

ඔහුට සිහින් දිගු ඇගිලි තිබේ. අවීන්ට තම අතැගිලි හා ඒවා පටලවා ගැනිමට අවැසි විය. ඔහුගේ දිගු ඇගිලි තම පපුව යනු දැකිමට අවැසි විය.

" ඒක වැරදි "
අවීන් තමන්ටම තරවටු කරයි.

" මේ අදනම් ඉන්ග්ලිශ් මිස් එන්නෑ මට හිතෙන්නේ. එනවනම් මෙලහකටත් ඇවිත් එයාගේ කන කූං...... ගාන බෙලෙක්කේ හොල්ලනවනේ නේ බන්..... "
දිහස් තම උරහිස අවීන්ගේ උරහිසෙහි වැද්දුවා.

" ඇගේ ඇලෙන්න එපා යකෝ , කෙලින් හිටහන්කෝ  "
අවීන් කෑගසා ඇත්විය.

" හරි හරි මං ඔයාව කිස් කලේ නෑනේ  , රෙද්ද "

" කුනුහර්ප කියවන්න එපා "
අවීන් අහකබලාගත්තා.

මෙකට තදවෙන්න තරන් මං මොනාද කිව්වේ අර්ශස්ද දන්නෑ දිහස් හිස කසමින් කල්පනා කරනවා.











































Kishu :-)

One Day ( BL) (Onhold )Where stories live. Discover now