(.9.)

548 111 14
                                    

" මොන මගුලක්ද මං උබට කැමති නෑ "
ආශ්කා තුන්වෙනි පාරටත් කෑගහනකොට අවීන් ගැස්සුනා.

මෙච්චර වෙලා දිහස් තමන්ගේ කියා දැනෙන හැගිම හිතේ යටපත් කරගන්න වෙහෙසෙමින් උන්නු අවීන්ට එකපාර ඇහුනේ ආශ්කගේ කටහඩ , ආශ්කා ගස්සන් නැගිටින කොට එයාගේ ඉස්සරහට ආව යොමාල් ආශ්කගේ අත තදකරගත්තා.

" ආශි හෙතුවක් කියපන් ඇයි මට අකමැති "

" මොන වදයක්ද , අතඅරින්න "
ආශ්කා අත ගලවගන්න ඇබරෙනකොට අවීන් වාඩිවෙලා හිටිය තැනින් නැගිට්ටා.

" යොමාල් ආශිගේ අත අතාරිනවා , ඔයාට බෑ එයාට රිද්දන්න "

" දිහස් එයාලව කවුරුහරි දකී. "
මියුමි දිහස්ගේ අත අල්ලන් කෑගහනකොට දිහස් බයෙන් වගේ වටපිට බැලුවා.

" මුලින් ඔයා මාව හොල්ලන එක නවත්තන්න "
මියුමි දිහස්ගේ අත අත ඇරියා.

" දොර ලගට යමු කවුරුවත් ආවොත් පේනවනේ "

" ඇයි ඔයාට බැරි රංඩුව මැද්දට පැනලා අත්දෙක දෙපැත්තට කරලා රංඩුව නවත්තන්න කියන්න බැරි "

" මුලින්ම ඔයා ෆිල්ම් බලන එක නවත්තන්න , මං ඔතන මැද්දට පැනලා කෑගැහුවොත් මගේ පස්සට දෙකක් වැදිලා එලියට විසික් කරයි. "

දිහස් ඔලුවට අතගහන් කියන කොට මියුමි කල්පනා කලේ ඊයේ බලපු තායි ඩ්‍රාමා එකේ දිහස් වගේ කොල්ලා මැද්දට පැනලා දෙතුන් දෙනෙක්ට නෙලපු හැටි.

" ඒත්...... "

" මෙහෙ එනවා හලො "
දිහස් මියුමි එක්ක දොර ඉස්සරහ ඉන්නවා. ගුරුවරයෙක් ඈතින් දැක්ක ගමන් දෙන්නට දෙන්නා මුන බලාගන්නවා.

" මොන මගුලක්ද , මට මෙහෙම ඉන්න බෑ ඕයි , හතර වටේ ඉන්න කොල්ලො උබට පැනි හලනවා "
යොමාල්ගේ හඩ දිහස්ට ඇසෙයි.

" යොමාල්........ "
අවීන්ගේ ගැඹුරු හඩ ඇහෙත්ම හැරුනු දිහස් අවීන් දිහාබලන් හිටියා.

අවීන් සමහර වෙලාවට තමන් දිහා බලනකොට දිහස්ව සීතල වෙන හැටි එයා කල්පනා කලා.

සමහරක් විටක අවීන්ගේ ගැඹුරු හඩින් තම නම මුමුනනවා අසන්න දිහස් ඇබ්බැහි වුනා.

" දිහස් ඔයා වතුර බිව්වෙම නෑ , වතුර බොන්න "

" දිහස් ඔය අව්වේ ඉන්න එපා "

" දිහස් ඇයි කන්නැත්තේ දැන්ම කන්න "

ඔහු ගැඹුරු හඩින් කියන නියෝග දිහස් හිස වනා පිලිගත්තා.

" දිහස් , මට හිතෙනෝ ආශි යොමාල්ව දවසක බදී "
මියුමි එයාගෙ කට අතින් වහගෙන උරහිස් ඇකිලුවා.

" කොහොමද එහෙම කියන්නේ , බලන්නකෝ එයාලා රන්ඩු වෙන හැටි "

" මං බලපු කොරියන් Tv සිරිස් එකක ඔහොම රන්ඩු වුන දෙන්නෙක් අන්තිමේදි ගොඩ ගොඩාක් ආදරය කලා පස්සේ එයාලා බැන්දා "

මං බලපු කියනකොටම මූන ඇඹුල් කරගත්තු දිහස් හුස්මක් අරන් අහක බලා ගත්තා.





















Kishu :-)

One Day ( BL) (Onhold )Where stories live. Discover now