(47)

276 51 29
                                    

" කොහොමද අවී දැන් ? "
අයාන් අවීන් දිහාවට සුහද සිනාවක් දෙනකොට දිහස් ඒදිහා බලන් හිටියා.

" දැන්නම් ගොඩක් සතුටින් සර් "

වාහන නැවතුම අසලදි අවීන්ට හමුවුනු ගුරුවරයත් ඔහු හා සිටි අනෙක් තරුණ යුවලවත් කැටුව අවීන් ඔහුගේ ප්‍රියතම අවන්හල වෙත පැමිණියේ පැරණි මිතුරන් වගෙයි.

විශයක් විදියට තියා කෙලින් ඉරක්වත් ඇදගන්න බැරි අවීනුයි පාසලේ චිත්‍ර ගුරුවරය වූ අයාන් විද්වාන් සමග මෙච්චර කුළුපග වුනේ කොහොමද කියන එක දිහස්ට ගැටලුවක් වුනා.

" ඉතින් දිහස් කොහෙද අතුරුදන් වෙලා හිටියේ  ? "
පුදුමෙන් උන්නු දිහස්ගෙන් විද්වාන් ඇහුවේ ඔහුවත් ඔවුන්ගේ කතාවට ඇදගන්න.

" ආහ් ?!"
දිහස් ඇස් ලොකු කරන් විද්වාන් දෙසත් අවීන් දෙසත් බැලුවා.

" ඔයා ගියපු කාලේ මගේ හිත හැදුවේ විද්වාන් සර් "
අවීන් හිමින් තෙරුන් කරන කොට දිහස් හිස වැනුවා. ඒක්ශනිකවම ගැස්සුනු දිහස් ඇසුත් ලොකු කරන් " ඒකියන්නේ සර් අපි ගැන දන්නවද ? " කියලා කිව්වේ පුරුදු විදියටම කම්මුල් රතුකරන් ,

" ආනා......මේ කොල්ලනම් හරි හුරතල් , ඒක නෙමේ කෝ අපි ඕඩර් කරපුවා.... මගේ කැපචිනෝ එක කෝ........."
මෙච්චර විනීත තරුණියක් විදියට හිටපු යෞවනිය කෑමොර දෙන්න ගත්තා.

" පිස්සි කෑගහන්න එපා. මේ ගෙදර නෙමේ "
තරුණියගේ අනෙක් පස සිටි උස මහත කඩවසම් තරුණයා රවන්න වුනා.
රවන කොල්ලගේ අතින් අල්ලගත්තු කෙල්ල කම්මුලින් හාදුවක් තබන හැටි දිහස් බලන්හිටියා.

දැඩි ආත්මවිශ්වාසයක් ගැබ්වුනු සුන්දර පෙනුමක් හිමින් තරුණියත් ශක්තිමත් කඩවසම් තරුණයත් පෙම්වතුන් බව හොදින්ම පෙනෙන්නට තිබුනා.

" එක්ස්කියුස් මී "
ටිකකින් ඒ  තරුණයා තමන්ගේ නාදවන දුරකතනයද රැගෙන ඉවතට යන හැටි බලන් හිටපු තරුණිය ඇස් රෝල් කරගත්තා.

" මේ මනුස්සයට ඕන වෙලාවක කෝල් , කාට කතා කරනවද මන්දා " 

" ඇයි ඉරිසියද ? "
විද්වාන් හිනාවෙලා අහනවා.

" ඇයි ඔයාට නැද්ද "
තරුණිය පෙරලා කියමින් විද්වාන්ගේ මුහුණට එබුනා. විද්වාන් මේසයට යටින් ඇගේ කලවා මත අත තබනු දිහස් ඇස් විසල් කර බලා සිටියා.

One Day ( BL) (Onhold )Where stories live. Discover now