(48)

304 50 13
                                    

ඒ හැමදේම පටන් ගත්තේ ඉස්කොලේට ගියපු පළවෙනි දවසේ. එදා මුණගැහුණු යහළුවන් තිදෙනාගේ ජිවිතේ කොච්චර වෙනස්කම් උනාද කියලා නාදියා , තිර්ථ සහ අයාන් ටිකක් නැවතිලා කල්පනා කරා.

මුලින්ම ආදරේ ප්‍රකාශ කරගත්තේ තීර්ථ යි , අයානුයි උනත් අවාසනාවන්ත විදියට ඒමොහොතෙම එයාලට වෙන් වෙන්න උනා.

එදයින් පස්සේ මන් උබල දෙන්නටම එකවගේ ආදරෙයි කියලා මව් රටත් අතෑරපු තීර්ථට ආයෙත් ආවම දකින්න ලැබුනේ නාදියයි ,  අයානුයි පුංචි කුරුළු කූඩුවක් ලස්සනට සරසගෙන ඉන්න විදිය.

හිතට දුක දරාගන්න බැරිව ඔයාලා සතුටින්ද අහපු තීර්ථට නාදියාගෙන් පිලිතුරු ලැබුනේ තමන්ගේ කන්‍යාබව අහම්බෙන් අයාන් අතින් ගිලිහෙන කොට එකතුවුනු එයාලා ගොඩක් කාලෙකට පස්සේ හිමින් ආයේ ආදරේ වෙනමම ලියන්න ගත්තා කියලා.

එතනින් පස්සේ තීර්ථත් අයානුත්ගේ අත්වැරදීමක් දැකලා සියලුම රහස් අතීත හෑලි නාදියාට නිරාවරණය වෙනකොට නොහිතුම විදියට තුන්දෙනාම එකතු වුනේ. දෙමාපියන් අහිමි වෙනකොට.....

(Threesome කියලා story  එකක් ඇති මගේ එකවුන්ට් එකේ සම්පුර්ණ කතාවම තියනවා. 😁)

" දෙයියනේ මන් කොච්චර වැරදි කෝණෙකින්ද මිස් දිහා බැලුවේ "
දිහස් කම්මුල් රතු කරන් කිව්වා.
සම්පුර්ණ කතාව ඇහීමෙන් පස්සේ කලින් එයා හිතපු හැමදෙයක් ගැනම පසුතැවුනා.

" මට පුරුදුයි දිහස් ඕවා. ඇත්තටම මට නෙමේ අපිට පුරුදුයි "

" සොරි මිස් "
දිහස් අවංකවම කනගාටු වෙනකොට නාදියා සුහදව සිනා වුනා.

" හයියෝ මිස් ගාන්න එපා අනේ , අක්කා කියන්න. "
නාදියා ඇසක් ඉගිමරා කියනකොට දිහස් බෝනික්කෙක් වගේ ඔලුව වැනුවා.

" මේ කොල්ලා කියුට් ඇයි මෙච්චර " නාදියා දිහස්ගේ කම්මුලක් ආදරෙන් මිරිකන්න උනා.

" ඔය ළමයගේ කම්මුල අතාරින්න පිස්සියේ " තීර්ථ නාදියගේ පිටුපසට පහරක් ගහලා උකුලට ගත්තා.

" වෝහ් මේවා ඇන්දෙ ඔයාමද සර් "
විද්වාන්ගේ පුංචි චිත්‍රාගාරය වටාම ඇස් යැව්ව දිහස් ඇස් ලොකු කරන් අහනකොට අවීන් වැලමිටෙන් ඇනලා දිහස්ට රැව්වා.

One Day ( BL) (Onhold )Where stories live. Discover now