(46)

302 56 14
                                    

හුළගත් එක්ක සන්සුන්ව නැලවෙන බෝකොළව සිලි සිලි සද්දේ අහගෙන වැළි පොලොවේ වාඩිවෙලා උන්නු දිහස් හොද හුස්මක් ගත්තා.

පන්සලටම ආවේනික ඒ පිරිසිදු සුවද පෙනහළු වලට පිරෙන කොට නිකන්ම මනස සන්සුන් වෙනවා වගේ දිහස්ට දැනුනා.

" ඔයා කැමති තැනකට යමු අවී " කියලා දිහස් කිව්වම අවීන් " එහෙනම් පන්සලට යමුද චූටි " කියලා කියයි කියලා දිහස් චුට්ටක් වත් හිතුවේ නෑ.

එගැන හිත හිතම දිහස් තමන්ගේ එහාපැත්තේ වාඩිවෙලා එරමිනිය ගොතාගත් දෙකකුල් මත සැහැල්ලුවට අත් දෙක තියන් ඇස් පියන් ඉන්න අවීන් දිහා බැලුවා.

සන්සුන්ව හුස්ම ගන්න අවින්ගේ ලා නිල් පාට කමිසය යටින් පේන චොක්ලට් පාට හමටයි , හුලං රැල්ලට නැලවෙන අවීන්ගේ කොන්ඩේටයි පින්සිද්ද වෙන්න දිහස්ට අවීන් ගැන ලෝබ හිතෙන්න අරන් ,

පුංචි හාදුවක් ගෙල දිගේ තබන්න තිබුනනම් , කියලා හිතමින් අවීන් තොල සපාගත්තා.

සිගරට් නිසා යාන්තමින් දෙපස දුඹුරු පාටවුනත් තද රතු තොල් මීට කලින් වතාවල් වල තමන්ගේ තොල් සමග පැටලුනු හැටි දිහස් මතක් කලා.

පුදුමෙට කාරනාව නම් එච්චර ලස්සන අවස්තාවක් වුනත් එය ඇස් වලට නොපෙනිමයි.
කොහේ පේන්නද තොල් ගැටෙනකොට නොදැනිම ඇස් පියවෙනකොට.
රූපයකට වඩා ඒහැගීම දැනෙන්නේ හදවතටයි. රූප රහිත සිනිදු හැගීමක්.

" ඔහොම බලන් ඉන්නේ මොකෝ ? "
අවීන් හිනාවෙනකොට දිහස් යටිතොලත් සපන් බිම බලාගත්තා. දිහස් බොහෝ වෙලාවක් අවීන් දෙස නොදැනිම බලා ඉදලා

"රතුවෙලානේ "
අවීන් දිහස්ගේ කම්මුලක් සෙමෙන් මිරිකන්න වුනා. ඒක්ෂණිකව අත ඉවතට ගත්තේ ඔවුන් පසුකර මිනිසෙක් ඉදිරියට ඇදුන නිසයි.

" හිත සන්සුන් වුනා චූටියෝ "
අවින් සන්සුන්ව කිව්වා.

" ඇත්ත "
දිහස් හිමින්සැරේ අවීන්ට ලන් වෙන ගමන් කිව්වා.

දිහස් හිමින් තමන්ගේ අත අවීන්ගේ අතේ ස්පර්ශ කරන ගමන් උණුහුම හොයනකොට ඔවුන් ඉදිරියෙන් පින් පාට රුවක් හෙමින් ඉදිරියට ඇදුනා.

One Day ( BL) (Onhold )Where stories live. Discover now