(.29.)

386 72 10
                                    

" මන් කවුරු කියලද කියන්නේ ? "
දිහස් අහනකොට අවීන් දිහස් දිහාම බලන් හිටියා.

" අපි බලමුකෝ "
අවින් සිනාවුනා.

අවීන් නිවසට ඇතුල් වූ විගස ගොස් සෝපාවෙන් හාන්සි වුනා.
ඉන්පසු දිහස්ගේ අතින් ඇද්ද අවීන් ඔහුව සොපාවට ඇදගත්තා.

" ආපු ගමන් කිලිටි පිටින් ඉන්නැතුව යන්න "
කවුදෝ කෑගහන් එනවා ඇහුනු දිහස් ගැස්සුනා.

" ආහ්.......මොකාද මේ.... "
ඉනට අත් තබා ගත් අවින්ගේ නැන්දා අහනකොට දිහස් කෙලින් වෙලා නැගිට්ටා.

" එයා මගේ ...... "
දිහස්ගේ අතින් අල්ලාගත් අවින් ඔහුව වාඩි කරවූවා.

" ඇයි ඔයා නැගිට්ටෙ..... මේ මගේ ගෙදර ........ ඔයා ඉන්නේ මගේ ගෙදර "
අවින් අන්තිම ටික හයියෙන් කියන්න වුනා.

" හහ්ඃ "
ඇය ගස්සන් යනකොට දිහස් අවීන්ට ඔරවන්න වුනා.

" ඇයි එහෙම කිව්වේ , එයාගේ හිත රිදෙන්නත් ඇති "

කටකොනින් සිනාවු අයාන් දිහස්ගේ අතින් අල්ලාගන්න ගමන් " එන්න මගේ කාමරේ පෙන්නන්න " කියමින් පියගැටපෙල නගින්න උනා.

අයාන්ගේ කාමරය දිහස්ගේ කාමරයට වඩා දෙගුණයක් විශාල වුනා වගේම ලස්සන වුනා.

දිහස්ගේ වඩාත් සිත් ගත්තේ බිත්තියේ ගසා තිබු අවීන්ගේ විශාල චායාරූපයටයි.

" මන් ඇග හෝදන් එනකන් ඔහොම ඉන්න "
දිහස්ව ඇදින් වාඩි කෙරු අවීන් ඔහුගේ මුහුණට එබුනා.

දිහස්ගේ තොල් දෙස  බලා නැවුනා. දිහස් දෑස් පියාගෙන ඇද තදින් මිරිකගන්න කොට අවින් ඔහුගෙන ඈත් වුනා

" මන් එන්නම්කෝ "

ඔවුන් මුලින් දිහස් ගේ නිවසට ගොස් පැමින තිබුනා වගේම දිහස් එහිදි පිරිසිදු වී දෙදෙනාත් සමගම ආහාර ගෙන විනෝද චාරිකාවට දිහස්ට අවශ්‍ය ඇදුම්ද සුදානම් කරගත්තා.

අවීන් නැවත එන තෙක් දිහස් අවීන්ගේ පින්තුරය දෙස බලා සිටියා. තලේලලු වුවද ඔහුගේ ආකර්ශනීය පෙනුමක් තිබුනා.

අවීන් ඉනට තුවායත් බැද ඉවතට එනකොට දිහස් ගැස්සි ගියා. ඒබව නොපෙන්වීමට මෙන් දිහස් දෑස් බිමට හරවාගෙන යටිතොල සපාගත්තා.

One Day ( BL) (Onhold )Opowieści tętniące życiem. Odkryj je teraz