(.17.)

523 101 27
                                    

" ට්‍රිප් ! "
දිහස් කටට ලන් කරගත්තු චොක්ලට් එක පැත්තකට කරලා මියුමි දිහා බැලුවා.

" ඔව් ළගදිම යයි. "

විනෝද චාරිකාවක් යාමට දිහස්ට හිත නොදෙයි. කොහොමත් එවැනි දෙයක් වෙනුවෙන් නාස්ති කිරිමට ඔහු ළග මුදල් නොවිය.

" මට බෑ බන් "

" අයියෝ දිහස් , අවීනුත් එනවා හොදෙ "
මියුමි දිහස්ගේ කනට කර කියා ඔහු අත වූ චොක්ලට් එක ගත්තා .

" මට මොකෝ "
ඇහිබැම හැකිලූ දිහස් අහක  බලා ගත්තා.

" ඒත් ඒ ඔයාගේ කරස් එකනේ "
මියුමි චොක්ලට් එකෙන් බාගයක්ම කටේ ඔබාගත්තා.

" ආහ් නෑ......කටවහනවා මෝඩියේ "
දිහස් වටපිට බැලුවේ රතුවුනු කම්මුල් ඇතිවයි.

" මේ ඇයි ඒයි ඔයා එයා එක්ක තරහා "

" මං තරා නෑ ඒයි , එයා කතා කරන්නෑ "

එදා පාසල් ඇරි අවීන් බුම්මන් ගියායින් පසු නැවත කතා කරන්න ආවේ නැත.
දිහස්ද ඔහු හා බලෙන් කතාවට නොගොස් කරබාගෙන සිටියා. දින දෙකක් පුරාවට එයා කතා කරයි කියා දෙදෙනාම සිතන්න උනා.

" එයා කතා කරන්නැත්තේ ඔයා ගණන් උස්සන නිසානේ "

" එයා ආයේ කතා කරන්නැති වෙයිද ? ඒයි , "

" අනේ මන්දා........ ආ ඔන්න එනවා , ඔන්න එනවා "
මියුමි දිහස්ට රහසින් කිව්වා.

" අනේ එයාගෙන් අහන්නකෝ , දිහස් එක්ක ඇයි තරහා කියලා අනේ අහනවා හොදේ "

දැන් මන් සාමාන්‍ය විදියට ඉන්නෝන , ගණන් ගන්න හොදනෑ.... හිතට ආව අදහසත් එක්ක දිහස් හුස්මක් හෙලා ලග තිබුනු පොතක් අතට ගත්තා.

" පෙම් කැකුළු පිපී එන විට මහදේ එය පරව ගියා........මා හෙළා මේ දූක් අන්දකාරේ........අන්දකාරේ........ "

" ආපෝ.....!! , ඔයිට වඩා හොදට බල්ලො උඩු බුරනවා....... "
අවීන් කන් දෙක අල්ලාගෙන මුහුණ ඇබුල් කරගත්තා.

" යනවා ඕයි යන්න "
මියුමි අත මිට මොලවා අවීන්ට ගැසුවා.

" ආහ්......... "
පපුවට අත තබාගෙන ඇස් හිනී කරගත් අවීන් මියුමි දෙස බලා ඇහිබැමක් උස්සා දිහස්ව පෙන්විය. ඉන් පසු තොල් සොලවා නොඇසෙන ලෙස  තාම තරහදැයි ඇසුවා.

One Day ( BL) (Onhold )Where stories live. Discover now