'ඔයා මට කීයක් දේවල් නම් හංගනවද?' මම මගේ අත තිබූ වාර්තා පොත මෙහන්සාට දිගු කරමින් විමසුවෙමි. ඇය බිම බලාගත්වනම සිටියා මිස කිසිවක් කීවේ නැත.
'මුලින්ම ඉස්කෝලේ කොල්ලෝ ටිකක්... දැන් ලකුණු?' මම ඇඳේ වැතිරුණේ ඇයගේ මුහුණ මගේ මුහුණට කෙලින් පිහිටන ලෙසයි.
මෙහන්සා මගේ එහා පසින් වැතිරුණාය. අපි දෙදෙනා නිහඬව කාමරයේ වහළ දෙස බලා සිටියෙමු. විශාල නිවසේ අපි දෙදෙනා පමණක් තනිව සිටි මෙවැනි අවස්ථා ඉතා දුර්ලභ විය.
'සහේෂ් අයියව ආයෙත් ගෙදර එක්කගෙන එන්න එපා.' මෙහන්සා එක්වරම කී විට මම කෙළ ගිල්ලෙමි.
'ඇයි ඒ?'
ඇය කිසිවක් කීවේ නැත. මම වැතිරී සිටි තැනින් නැගිට ඇය දෙස බැලුවෙමි. 'ඇයි ඒ?'
මෙහන්සා කිසිදාක නොකළ ආකාරයට හිස ඔසවා මගේ දෑස් දෙස එක එල්ලේ බැලුවාය. 'එපා නිසා කියන්නේ. මම එයාට කැමති නෑ.'
'ඔයා එයාට කැමති නෑ කියලා මම මොනවා කරන්නද?' මම ඇයට විරුද්ධව හඬ නැගීමි.
මෙහන්සා මුව තද කොට වසා ගන්නා ආකාරය මට පෙනිණි. ඇයට කිසිවක් කීමට අවැසි නොවූ බවකි ඇගේ මුහුණින් දිස් වූයේ. මෙහන්සා ඇඳෙන් නැගිට ඇගේ කමිසය පහතට ඇද ගත්තාය. 'ඔයාට කැමති එකක් කර ගන්න. එයාව ගෙන්න ගන්නවා නම් මම කාමරෙන් එළියට බහින්නේ නැහැ එයා යනකන්. එයා ඉන්න තැනකට මට එන්න කියන්නත් එපා.'
මම පුදුමයට පත්ව මෙහන්සා දෙස බලා සිටියෙමි. මෙතරම් වචන ප්‍රමාණයක් එක්වර කතා කිරීම හා ප්‍රථම වතාවට යමකට විරුද්ධව කතා කිරීම මට පුදුමයක් ගෙන දුනි. 'මොකක්ද ඔච්චර තියෙන ප්‍රශ්නේ එයත් එක්ක?'
YOU ARE READING
කඳුළැලි | tears | Sinhala BL [COMPLETED]
Non-Fiction'ඔයා හැමදාම නංගි ගැනම බල බල හිටියොත් ඔයාට බඳින්න කෙල්ලෙක්වත් නැති වෙයි මිනිරු.' සහේෂ්ගේ වදන් මගේ හදවත පසාරු කරගෙන යන්නාක් වැනිය. 'මට කෙල්ලෙක් එපා. මට නංගිව වටිනවා.' මම කීවේ සහේෂ්ගේ අතේ තිබුණු වතුරු වීදුරුව දෙසට බැල්මක් හෙළමිනි. 'උඹට මං ඉන්නවා මොක නැ...