කඳුළැලි - 37

1K 245 56
                                    

dedicated to | janet_jung 

******

'ඔයා කාත් එක්කද නිදා ගත්තේ?' මම ඇගේ පසෙකින් හිඳ ගනිද්දි යෙහෙනි විමසා සිටියාය. මම අපහසුවෙන් බිම බලාගත්තෙමි. ඇයට සූක්ෂම ඉවත් ඇති බව මම දැන සිටියද ඇය මේ පිළිබඳ දැන ගනිවී යැයි මම කිසි විටක නොසිතුවෙමි. 

මම ඇයට පිළිතුරක් ‌නොදුන්නද ඇය මා දෙස බලා සිටින්නේ මා අනුභව කිරීමට මෙන් බව මට දැනුණු නිසාවෙන් මම නැවත වතාවක් ඇය දෙස බැලුවෙමි. 

'එහෙම පේනවද?' මම ඇගෙන් විමසූ විට ඇය මා දවා අළු කරන ආකාරයේ බැල්මක් හෙළුවාය. 

'ඔයා...' ඇය ඇගේ අත ඉහළට එසවූයේ ඇගේ අතට සවි කර තිබූ සේලයින් කටුවද ඒ සමගම එසැවී එද්දීය. 'ඔයා ගාව සෙක්ස් සුවඳයි. මට ඒක අප්පිරියයි. ඒක නිසා නාගෙන එන්න.'

මම වදයට පත් බැල්මකින් ඇය දෙස බැලුවෙමි. ඇයද ඇසිපිය නොහෙළා මා දෙස බලා ‌සිටියේ ඇය පරාජයට පත් නොවන බව මට හැඟවීමට මෙනි. මට දැනුණේ වදයට පත් හැඟීමකි. මා කරන කියන සියලු දේ යමෙකු අතින් විනිශ්යට පත් වීම මට ඉවසා ගත නොහැකි විය. යෙහෙනිගේ බැල්ම දුටු විට මට අවැසි වූයේ ඇය මුහුණට පහරක් එල්ල කිරීමටයි.

මම මගේ අත මත වූ ඇපල් ගෙඩිය කපා ඇයගේ අතින් තැබුවෙමි. 'මේක කන්න. මම ගෙදර ගිහින් නාගෙන ඇඳුම් මාරු කරගෙන එන්නම්.' 

ඇය කිසිවක් ‌නොකියා මගේ අතින් ඇපල් ගෙඩිය ගත්තාය. 'ඔයා කාත් එක්කද නිදා ගත්තේ?' 

මම කිසිවක් නොකියා එතැනින් පිටවී ආවෙමි. ආපසු හැරී ඇගේ මුහුණ හෝ බැලීමට මට උවමනා නොවිණි. මම ඇයව අතහැර එතැනින් පිටවී නිවස කරා ආවේ කියාගත නොහැකි සිතිවිලි රාශියක් සිතේ දරාගෙනයි. මට යෙහෙනිව විවාහ කරගැනීමට උවමනා ‌නොවිණි. ඇයටද මා විවාහ කර ගැනීමට උවමනාවක් නොවූ බව මම දැන සිටියෙමි.

නාන කාමරයට ගොස් නාන මල විවෘත කළ මම ජලයේ සීතලට මගේ සිරුර වැළඳ ගැනීමට ඉඩ හැරියෙමි. කුමක් හෝ සිදු වූ විට දැනෙනා ආකාරයෙන් මට දැනුණේ මගේ උගුර සිර වී ඇති ආකාරයකි. මගේ දෑස් වලින් කඳුළැලි පැන නැගීමට තැත් කරන්නාක් මෙන් මට දැනුණද මම යටිතොළ සපා ගනිමින් එයට හරස් වුණෙමි. 

කඳුළැලි | tears | Sinhala BL [COMPLETED]Where stories live. Discover now