කඳුළැලි - 52

1K 244 95
                                    

මම නැවතත් රාජකාරී සඳහා යෑම අරඹූ විට යෙහෙනිගේ සැබෑ මව පැමිණ අපේ නිවසේ නතර වූයේ දරුවන් දෙදෙනා රැක බලා ගැනීමට යෙහෙනිට අත්දැකීම් නොතිබූ නිසයි. ශනල්කගේ පරණ දිනපොත් ගොඩක තිබී ඇගේ මවගේ දුරකථන අංකය සොයා ගැනීම පිළිබඳව යෙහෙනි මුලින් අදිමදි කළද අවසානයේ ඇය එයට එකඟ වූවාය. 

දරුවන් දෙදෙනාට නම් තැබීමේදි යෙහෙනිට උවමනා වූයේ මෙහන්සාගේ හා ශනල්කගේ නම් දෙක දරුවන් දෙදෙනා සඳහා තැබීමටයි. ඇය ජ්‍යෝතිෂ විද්‍යාව විශ්වාස නොකළ නිසා රෝහලෙන් ලබා දුන් අකුරු පිළිබඳව ඇය නොසළකා හැරියාය.

යෙහෙනිගේ මව පැමිණෙන දින උදෑසන යෙහෙනි මටත් පෙර අවදි වූවාය. දරුවන් දෙදෙනාටම කිරි දුන් ඇය මුළුතැන්ගෙයට පිටව යාමට පෙර මගේ හිසට තට්ටු කොට මා අවදි කළාය. මම නිදිමතේම දෑස් පිසදාගෙන අවදි වූයෙමි. මට කිසිවක් නොකී යෙහෙනි කාමරයෙන් පිටතට ගියේ ඇගේ දෑස්වල පිරී තිබුණු සතුට ප්‍රකාශ කරන බැල්ම සඟවන්නට උත්සාහා දරමිනුයි. 

උදෑසන හතට පමණ ‌නිවසේ දොරට තට්ටු කරන හඬක් ඇසුණු විගසින් යෙහෙනි පුටුවෙන් උඩට පැන නැගිට්ටාය. ඇය අශ්ව පැටියෙකු මෙන් පැන පැන දොර අසලට යන දෙස බලා සිටි මට මුවගට සිනහවක් නගා ගැනීම නතර කර ගත නොහැකි විය. දැන් වසර නවයකට ආසන්න කාලයක සිටි යෙහෙනි ඇගේ මව නොදුටු බව මම දැන සිටියෙමි. 

නිවස තුළට පැමිණි කාන්තාව එදා මම රෝහලේ දුටු කාන්තාවම විය. යෙහෙනි රූප සුන්දරියක් වීම මට තිබූ සියලු සැක සංකා දුරුව ගියේ ඇගේ මවද එවැනිම පෙනුමකින් යුතු වූ බැවිනි. ඇය වයස හතළිස් පහකට ආසන්න වයසක පසුවන කෙනෙකු බව මට එක් බැල්මෙන් කිව හැකි විය. 

යෙහෙනි ඇගේ මවගේ අතක් අල්ලා ගෙන සිටියේ ‌සතුට නිසා පිම්බී තිබූ ඇගේ කොපුල් සඟවා ගන්නට දැඩි වෙහෙසක් දරමිනි. මම ඔවුන් දෙදෙනා දෙස බලා සිනාසුණෙමි. 

'කොහොමද පුතේ.' ඇගේ මව විමසද්දී මම යෙහෙනි දෙස බැලුවෙමි.

'මේ ඉන්නේ මිනිරු. මගේ හස්බන්ඩ්?' යෙහෙනි ප්‍රශ්නාර්ථයකින් වාක්‍ය අවසන් කර මා දෙස බැලුවාය. 

මගේ අතින් වූ දෙයක් නිසාවෙන් යෙහෙනි ගැබ්ගත් බව ඇගේ මව ‌නොදන්නා බව මට සිහි වූයේ එවිටයි. මගේ සිත නැවතත් වරදකාරී හැඟීමකින් පිරී යද්දී යෙහෙනි ඇගේ මුව විවර කළාය.

කඳුළැලි | tears | Sinhala BL [COMPLETED]Where stories live. Discover now