කඳුළැලි - 23

1.3K 293 46
                                    

යෙහෙනිව නිවසට රැගෙන ඒමෙන් පසුව ශනල්කට මා ගැන බැලීමට හෝ වේලාවක් නොමැතිව ගියාක් මෙන් මට දැනිණි. මම කිසිවක් ඒ පිළිබඳ නොසිතුවේ ‌මම ශනල්ක වූවා නම් මා කරන්නේද එයම බැවිණි. ‌යෙහෙනි නිහඬව සිටියාය. මට එයද දරාගත නොහැකි බවක් දැනුණේ ඇය දිගින් දිගටම මෙහන්සාව නිරූපණය කළ නිසාවෙනි. 

'මිරූ.' මම ඇඳේ වැතිරී සිටින අවස්ථාවක ශනල්ක මගේ එහා පසට ඇද වැටුණේය.

මම ඔහු දෙස බලා සිටියෙමි. ශනල්ක මගේ සිරුර වටා ඔහුගේ දෑත් යවා මගේ උරය මතින් ඔහුගේ හිස තබා ගත්තේය. මම ඔහුව දෑතින්ම බදාගත්තෙමි. 

'ම්ම්?' 

'මම ඔයා ගැන හිතනවා. ඒත් යෙහෙනි නිසා මට ඔයා එක්ක කලින් වගේ ඉන්න වෙලාවක් නෑ. කමක් නෑ නේද?' 

මම හිස වැනුවේ ඔහුට අන්ධකාරයේ එය දැකීමට නොහැකි බව කල්පනා ‌කරමිනි. 'ඒකට කමක් නෑ. මෙහන්සා හිටියා නම් මාත් ඔච්චරයි කරන්නේ. ඒකට කමක් නෑ ශනල්ක. නංගි හොඳ වුණාට පස්සේ අපි දෙන්නා ඒ ලෙවල් ඉවර කරලා තනියම ඕන තරම් දේවල් කරමුකෝ.'

'තව මාස පහෙන් ඒ ලෙවල් එනවත් එක්ක නේද?' ශනල්ක අසන විට මගේ මුවග සිනහවක් ඇඳුණේ එය කල්පනා කිරීමට නොහැකි තරම් අපි දෙදෙනා කාර්යබහුල වූයේ කෙසේදැයි කල්පනා කරන විටයි. 

'අපි ලෑස්තිද ඒ ලෙවල් ලියන්න?' මම නැවතත් ඔහුගෙන් ඇසුවෙමි. 

ශනල්ක සිනාසුණේ ඔහුගේ උණුසුම් සුසුම් මගේ උරයට වැදීමට සලස්වමිනි. එය මගේ උරය පුරාවට මද කිතියක් ඇති කළද මම එයට කැමති වුණෙමි. 

එදා රැය අපි දෙදෙනා ගත කළේ එකිනෙකාව වැළඳගෙනයි. ඔහුගේ උණුසුම මගේ සිරුර පුරාවට පැතිර ගොස් තිබූ අතර මම ඉතා කැමැත්තෙන් ඔහුගේ දෙපා සමග මගේ දෙපා පටළවාගෙන සිටියෙමි.

පසුදා උදෑසන මම අවදි වන විටදී නම් ශනල්ක නිවසින් එළියට පිටත්ව ගොස් තිබුණේ යෙහෙනි පිළිබඳ අවධානයෙන් සිටින ලෙස දන්වා මගේ එහා පසින් කොළයක් තබාගෙනමය. මම මුහුණ සෝදාගෙන පහළ මාලයට ගොස් මුළුතැන්ගෙයින් පිඟානකට බත් බෙදාගෙන කන්නට වූයෙමි.

යෙහෙනිගේ කාමරයෙන් කිසිඳු ශබ්දයක් නැති හෙයින් මම අනුමාන කළේ ඇය තවමත් නිදි බවයි. ආහාර ගැනීමෙන් පසුව මද වේලාවක් හතර වටේ කැරකුණු මම ඉන්පසුව නැවතත් ඉහළ මාලයට ගොස් යෙහෙනිගේ කාමරයේ දොරට තට්ටු කළෙමි.

කඳුළැලි | tears | Sinhala BL [COMPLETED]Where stories live. Discover now