කඳුළැලි - 32

1.3K 262 107
                                    

මම උදෑසන දෑස් විවර කරන විට ශනල්ක මගේ එහා පස නොසිටියේය. පසුගිය රාත්‍රිය මතක් වීමෙන් මගේ මුළු මුහුණම රතු පැහැයට හැරී යන ආකාරය මට දැනුණු අතර මම ඇඳේ අනෙක් පසට හැරුණෙමි. ඒත් සමඟම කාමරයේ දොර විවර කර කාමරය තුළට පැමිණියේ ශනල්කයි. ඔහු මා දෙස බලා සිනාසුණේය.

'මෙන්න දෙහි කෝප්පයක් එක්ක පැනඩෝල් දෙකක්.' ඔහු මගේ එහා පසින් හිඳගන්නා අතරේම මගේ අතින් දෙහි යුෂ සහිත කෝප්පයක් තැබුවේ පැනඩෝල් පෙති දෙකක්ද සමගිනි. මම ඇඳ මතින් හිඳගෙන ‌පැනඩෝල් පෙති දෙක සමගින් දෙහි උගුරක් පානය කළෙමි. 

'වෙලාව කීයද?'  මම ඔහුගෙන් විමසුවෙමි.

'එකොළහට ළඟයි. යෙහෙනි ගියා එහා පැත්තේ තියෙන මල් වගාව බලන්න. එයත් ආවහම අපි දවල්ට එකට කමු.'  ඔහු කීවේ මගේ නළලට වැටී තිබූ ‌කොණ්ඩය අතින් ඉවත් කොට මගේ නළල සිප ගනිමිනි. මම සිනාසී ඔහු දෙස බලා සිටියෙමි. 

'මේ...' ඔහු වචන ඇද්දේය. 

'හ්ම්ම්?' මම විමසුවෙමි. 

'ඇවිදගන්න පුළුවන් වෙයිද ඔයාට?' ඔහු මදකට පසුව සැකමුසු ලෙස විමසා සිටියේය.

මම රතු පැහැයට හැරෙමින් ඇඳෙන් බැසීමට උත්සාහා කළෙමි. මුලදී දෙපා මදක් ඇදුම් කෑවද මට ඇවිද ගැනීමට පුළුවන් වූ නිසාවෙන් මම ඔහුට මගේ මහපට ඇඟිල්ල ඔසවා සන් කළේ මට ඇවිද ගැනීමට පුළුවන් බවයි. ශනල්ක සිනාසුණේය. 

'මම එච්චර තදට ගිහින් නෑ වගේ.' ඔහු කීවේය. මම නැවතත් ඇඳ මතින් වාඩි වී දෙහි කෝප්පය පානය කර අවසන් කළෙමි. ශනල්කද මගේ එහා පසින් හිඳගෙන මා දෙස බලා සිටියේය. 

'අපි යමු කන්න.' ඔහු මගේ අතකින් ඇද්දේය. මම ඇඳෙන් නැගිට්ටෙමි. ශනල්ක ඔහුගේ අතක් මගේ ඉණ වටා යවා මාව ඔහුගේ සිරුරට තුරුළු කරගත්තේය. මම සිනාසී ඔහුගේ ළැමේ මගේ මුහුණ සඟවා ගත්තෙමි.

'කෝලමක් ඔයා නම්.' ඔහු කීවේ මගේ කම්මුලක් අතින් මිරිකමිනි. අපි දෙදෙනා සෙමෙන් ඇවිද ගොස් කෑම මේසයෙන් වාඩි වුණෙමු.

එය රවුම් කෑම මේසයක් වූ අතර මේසය මත නානාවිධ කෑම වර්ග සූදානම් කර තිබුණේ යෙහෙනි බව ශනල්ක කියා සිටියේය. මම මේසය වටා තිබූ පුටුවක් ඇද එහි වාඩි වූයෙමි. ශනල්ක මගේ ඉදිරිපසින් වාඩි වූ අතර ඒත් සමඟම ‌විවර වූ දොරින් යෙහෙනි කැමරාවක් අතේ රැගෙන නිවස තුළට පැමිණියාය.

කඳුළැලි | tears | Sinhala BL [COMPLETED]Where stories live. Discover now