කඳුළැලි - 47

919 235 111
                                    

කාලය අපට නොදැනීම ගතව යද්දී අපි අපගේ නිහඬ කාලසටහනට අනුගත වී සිටියෙමු. යෙහෙනි නැවතත් ඇගේ මෝස්තර නිර්මාණ සැලසුම් කිරීම අරඹා තිබුණි. මම මගේ ව්‍යාපාරය හා ශනල්කගේ ව්‍යාපාරය දෙකම මගේ අතට ගෙන පවත්වාගෙන ගියෙමි. යෙහෙනිත් මමත් එක නිවසේ දිවි ගෙවූවද අපි දෙදෙනා සිටියේ ලෝක දෙකකයි. ඇය මා සමග වදනක් හෝ කතා නොකළ අතර මමද ඇගෙන් කිසිවක් නොඅසා සිටියේ ඇය අපහසුවට පත් කිරීම වළක්වාලීමටයි. මගේ අතින් සිදු වූ වරද කුමක් වුවත් එය සමාව දීමට නොහැකි තරම් දරුණු බව මට වටහා ගත හැකි වූයේ මාස තුනක් ගතවූ පසුත් තවමත් යෙහෙනිගේ කොපුල් මත තිබූ සැපුම් පහරවල්ය. තමාගේ මෝස්තර නිර්මාණ උපාධිය සඳහා පිටව යද්දී යෙහෙනි සූක්ෂම ලෙසින් ඒ කැළැල් මතින් ආලේපන තවරා ගත්තාය. ඇය කුමන දේ කළත් එයින් ඇගේ රූප සම්පත්තියට කිසිඳු අසාධාරණයක් වූ බව නම් මට දැකිය හැකි වූයේ නැත. 

එක් ඉරිදාවක මම ඇඳ මත ගුලි වී මගේ දුරකථන තිරයේ ඉහළ පහළ යමින් සිටියේ උදෑසන ආහාරය ගැනීමට තවමත් උදෑසන වැඩි වූ බැවිනි. පොරවනය යට තිබූ සනීපදායක බව නිසාවෙන් මට ඇඳෙන් බැසීමටද උවමනාවක් තිබුණේ නැත. මදකට පසුව මට ඇසුණේ යමෙකු මගේ දොරට තට්ටු කරන ශබ්දයයි. මම දුරකථනය පසෙකින් තබා ඇඳ මත හිඳගත්තෙමි. 'එන්න.'

දොර විවර කරගත් යෙහෙනි කාමරය තුළට පැමිණියාය. ඇගේ අතේ තිබුණේ සුදු පැහැති කඩදාසියකි. ඇයද කඩදාසිය මෙන්ම සුදුමැලි වී සිටි අතර ඇගේ දෑස් විසල් වී තිබුණේ බියජනක යමක් දුටු ආකාරයෙනි. මම ඇඳෙන් බැස යන්තමින් සිටගත් විගසම යෙහෙනි මා අසලට පැමිණියාය. සිදු වූයේ කුමක්දැයි සිතාගැනීමටත් පෙර යෙහෙනි ඇගේ අත දිග හැර මගේ කම්මුලට පහරක් එල්ල කළාය. 

මම මොහොතක් ගල් ගැසී ඇය දෙස බලා සිටියෙමි. යෙහෙනි මිය ගිය බැල්මකින් යුතුව මට ඇගේ අත වූ කඩදාසිය දිගු කළාය. මම පුදුමයෙන් එය අතට ගෙන කියවූයෙමි. ඇය මට පහරදුන් හේතුව සාධාරණ බව මට වැටහුණේ එය කියවීමෙන් පසුවයි.

ඇය දෙවන වරටද ගැබ්ගෙන සිටියාය. 

වරද වූයේ මගේ අතින් බව මට වටහා ගත හැකි විය. මම කීමට කිසිවක් නොහැකිව ඇය දෙස බලා සිටියෙමි. යෙහෙනි මොහොතක් මා දෙස බලා සිට එක්වරම බිම හිඳගෙන හඬන්නට වූවාය. ඇගේ කොපුල් කඳුළින් තෙමී යද්දී මම නිරුත්තරව සිටගෙන බලා සිටියෙමි. විනාඩි දෙකක් පමණ කල්පනා කළ මම ඉන්පසුව නැවී යෙහෙනි අසලින් හිඳගත්තෙමි.

කඳුළැලි | tears | Sinhala BL [COMPLETED]Where stories live. Discover now