කඳුළැලි - 18

1.5K 328 112
                                    

ශනල්කගේ නිවසේ මා ගත කළ පළමු මාසය හොඳින් ගත වූ අතර ඔහුගේ නිවසේ සිට මම පාසල් යාමද ආරම්භ කළෙමි. සමහර දින වලට ශනල්ක පාසලේ හවස් කාලයේ නැවතුණු විට යෙහෙනිත් මමත් පාසලින් නිවසට පැමිණියෙමු. සමහර දින වල ඇය නිවසට නොගොස් මා සමග පොත් කඩවල පොත් බලමින් සිටියේ අයියා පැමිණෙන තුරු නිවසට ගොස් වැඩක් නැති බව කියමිනි. 

සහේෂ් මදින් මද ඔහුගේ රළු ගති පැවතුම් අති හැර වරින් වර මාත් සමග වදනක් දෙකක් හුවමාරු කරගන්නට වූවද මම ඒ පිළිබඳව වැඩිදුර නොසිතා සිටියේ ඔහු ගැන තවදුරටත් මට කිසිඳු උවමනාවක් නොවූ බැවිනි. පාසල් නිවාඩු කාලය ඇරඹී සතියක් පමණ ගත වූ තැනක මම මගේත් ශනල්කගේත් කාමරයේ ඇඳට වී පොතක තිබූ ගණිත ගැටළු කිහිපයකට මැදිව සිටියෙමි. පයිතගරස්ගේ ගණිතය මට හිසරදයක්‌ ගෙනදුන් අතර මම පුටුවෙන් නැගී සිටියේ යෙහෙනිගේ කාමරයට ගොස් ඇයගෙන් වේදනානාශක පෙති දෙකක් ඉල්ලා ගැනීම සඳහායි.

මම යන විට ඇගේ කාමරයේ දොර අඩක් විවරව තිබූ අතර ‌යෙහෙනි ඇඳ දාරය අසල සිටගෙන සිටියාය. ඇගේ ඉදිරිපිට සිටගෙන සිටියේ ඇගේ මව බව මට යන්තමින් දැකිය හැකි විය. ඇගේ මවගේ අතක් වේගයෙන් විත් ඇගේ කොපුලක වදින බව දුටු මම තිගැස්සුුුුණෙමි. එය මම කිසි විටකත් අපේක්ෂා කළ ආකාරයේ ‌දෙයක් නොවීය. එතැනින් පිටව යාමට මම තීරණය කළත් ඊළඟට දුටු දසුනින් මගේ මුළු ගතම හිරි වැටී යන ආකාරයක් මට දැනිණි. මම ගල් වී එතැන සිටගෙන බලා සිටියේ කුමක් කරම්දෝ යන්න සිතාගත නොහැකිවයි. 

ඇගේ මව කාමරයෙන් පිටවන්නට සැරසෙන බව දුටු විගසම මම වහාම අසල තිබූ කාමරයක් තුළට පැන ගත්තේ ඇය මාව දුටුවහොත් ඇති වන අපහසුතාවය ගැන සිතමිනි. මදකට පසු ඇය එතැනින් නොපෙනී ගිය පසු මම දිගු සුසුමක් ගෙන යෙහෙනිගේ කාමරයේ ‌දොරට තට්ටු කළෙමි.

'නංගි...' මම දෙවන තට්ටුවද දමමින් ඇයව ඇමතුවෙමි.

යෙහෙනි සිනහවක් සමගින් විත් දොර විවර කළේ මොහොතකට පෙර සිදු වූ කිසිවක් ඇයට නොවූ ආකාරයෙනි. 'ඇයි අයියේ?' 

මම බිරාන්තව ඇය දෙස බලා සිටියෙමි. 'නංගි...' 

යෙහෙනි අපහසුවෙන් ‌දොරට ඇඟිලි වලින් තට්ටු කළාය. 'ම්ම්ම්?'

කඳුළැලි | tears | Sinhala BL [COMPLETED]Where stories live. Discover now