කඳුළැලි - 50

957 241 129
                                    

'නෑ ඕක අතනින් ගහන්න.' යෙහෙනි මට කී විට මම සුසුමක් හෙළා මගේ අත තිබූ පෝස්ටරය බිත්තියේ අනෙක් පසින් ගැසුවෙමි. 

බිත්තිය පුරා සවිකර තිබූ ළදරුවන්ගේ පින්තූර දෙස බැලූ යෙහෙනි සුසුමක් හෙළුවාය. ඇගේ දෑස්වල තිබුණේ දීප්තිමක් බැල්මකි. මම දෑත් මගේ කලිසමෙන් පිස දමා ගත්තෙමි. යෙහෙනි ඇගේ කුස මතින් අත තබාගෙන මා දෙස බලා විරිත්තුවාය. මම ඇයට සිනාසුණෙමි. ‌

'තව මාස දෙකයි.' ඇය කීවේ ඇගේ අත තිබූ පොත මේසය මතින් තබමිනි. මම පොතේ කවරය දෙස බැලූ විට එහි තිබුණේ අලුත උපන් දරුවා සමගින් මව යන මාතෘකාවයි. මගේ මුවගට සිනහවක් නැගුණේ මටත් නොදැනීමය. මම ඇය දෙස බලා සිටි විට යෙහෙනි නැවත වතාවක් මට විරිත්තුවාය. 

මම ආපිට විරිත්තා ඇගෙන් ප්‍රශ්නයක් විමසුවෙමි. 'දැන් මොනවද කන්න ඕන?' 

යෙහෙනි මදක් කල්පනා කළාය. 'අපි දෙන්නා ගිහින් කප්කේක් හදමුද?'

මම ඇය දෙස බැලුවෙමි. 'ඒ මොකද?' 

යෙහෙනි ඇගේ මුහුණට වැටී තිබූ කොණ්ඩය අතින් පසුපසට කරගත්තාය. 'මම ඔයාට කිව්වේ නැද්ද? මම අනාථ නිවාසෙකට තේ වේලක් දෙන්න බාරගත්තා. හෙට හවසට තමයි තියෙන්නේ. ඒ අනාථ නිවාසේ ඉන්නේ අවුරුදු දෙකත් දහයත් අතර ළමයිලු. ඉතින් පොඩි අය ඔය වගේ පැණි රස වලට කැමතියිනේ.'

මම ඉදිරියට නැඹුරුව ඇගේ නළල සිප ගත්තෙමි. 'මම ගිහින් බඩු ටිකක් අරන් එන්නම් එහෙනම්. තව මොනවා හරි ගේන්න ඕනද?'

යෙහෙනි මදක් කල්පනා කළාය. 'මම හිතන්නේ චොකලට් බිස්කට් ටිකකුයි. මාර්ෂ්මෙලෝස් පැකට් ටිකකුයි අරන් ගියා නම් හොඳයි. එතන ළමයි විසි තුනයිලු ඉන්නේ. එක්කෙනෙක්ට ‌දෙක ගාණේ වගේ එන්න පොඩි පැකට් ටිකක් අරන් එන්න.' 

මම ඒ සියල්ල මතකයේ තබා ගැනීමට උත්සාහා කළද මට එය කළ නොහැකි විය. මම ඇය දෙස මදක් වේලා බලා සිටි විට ඇය මා අවබෝධ කර ගත්තාය. 

'විනාඩි පහක් දෙන්න එහෙනම් මාත් ලෑස්ති වෙලා එන්නම්.' 

මම කාමරයට ගොස් ඇයට ඇගේ සැහැල්ලු ගවොමට මාරු වීමට උදව් කළෙමි. ඇය ගවුමේ පටිය ගැට ගසා ගන්නා විට මම ඇගේ කෙස් කළඹ එක්කොට රිබන් පටියකින් ගැට ගැසුවෙමි. ඇය සාලයට ගිය පසුව මම මගේ ඇඳුම් ඇඟ ලා ගත්තෙමි. අප සාමාන්‍යයෙන් යන්නේ නිවස අසල වූ සුපිරි වෙළඳසලට වුවත් අද දින ඇයව මදක් ඈතින් තිබූ වෙනත් වෙළඳසලකට රැගෙන යාමට මම කල්පනා කළෙමි. ඒකාකාරී පරිසරයෙන් මිදීමෙන් ඇයට වාගේම මටත් ඇති වන්නේ සැනසීමකි. 

කඳුළැලි | tears | Sinhala BL [COMPLETED]Where stories live. Discover now