කඳුළැලි - 49

937 224 87
                                    

මම අවදි වන විටත් යෙහෙනි සිටියේ තද නින්දේය. ඇය ඇඳ රෙදි අතර කුඩා ‌බෝලයක්‌ සේ ගුලි වී සිටියාය. ඇඳෙන් බැසගත් මම ඇඳ පාමුල පොඩි වී තිබූ පොරවනය ගෙන ඇගේ සිරුර වැසෙන සේ පෙරවූයෙමි. යෙහෙනි සතියකට වරක් වෛද්‍ය නිලූකා හමුවීමට යොමු වූ බැවින් ඇගේ මානසික සෞඛ්‍ය සිතුවාටත් වඩා හොඳින් හැඩ ගැසී තිබිණි. 

යෙහෙනි දරුවන් දෙදෙනෙකුට ගැළපෙන සේ නිවසේ තිබූ අමතර කාමරය සූදානම් කළාය. නිල් පැහැ ‌හා රෝස පැහැ තොටිලි දෙකක් කාමරයේ ‌තබා බිත්ති වලට ක්‍රීම් පැහැය ආලේප කරන්නට යැයි ඇය මට පැවසුවාය. ඇය වගකීම් සහගත ලෙසින් දරුවන් හදා වඩා ගැනීම ගැන පුවත්පත් නිතර කියවූවාය. පෝෂ්‍යදායී ආහාර ගැනීම, ව්‍යායාම කිරීම වැනි ‌දේවල්  වලට ඇය ඉක්මනින් හැඩ ගැසුණු අතර ඉතා උනන්දුවෙන් මව් පදවියට සූදානම් වූවාය. 

මමද පෙරට වඩා සතුටින් ඇය සමගින් කාලය ගත කළෙමි. ඇය උදෑසන මදක් පසුවෙන තුරු නිදාගත්තත් මම ඇයව අවදි කිරීමට නොගියෙමි. මට හැකි පමණින් ආහාර පිසීම වැනි දේ කිරීමට මම පුරුදු වූයෙමි. අදත් සුපුරුදු ලෙසම මම යෙහෙනිට තේ කෝප්පයක් සාදා ගෙන නැවතත් කාමරයට ගොස් එය මේස ලාච්චුව මතින් තැබුවෙමි.

'යෙශ්.' 

යෙහෙනි බළලෙකු මෙන් දෑත් දිග හැර එක් ඇසක් විවර කර මා දෙස බැලුවාය. 'ගුඩ් මෝනින්.' 

මම ඇය පසෙකින් වාඩි වී ඇයට ඇඳ මතින් හිඳගන්නට උපකාර කළෙමි. 'ගුඩ් මෝනින්.' 

ඇය‍ තේ කෝප්පය දෑතින්ම ගෙන එයින් උගුරක් පානය කළාය. 'රසයි.' ඇය සුපුරුදු ලෙසින් පවසා සිටියාය. 

මම සිනාසුණෙමි. 'ඔයාට බොන්න පුළුවන් නම් එච්චරයි. අද මොනවද කන්න ඕන උදේට?'

යෙහෙනි මදක් කල්පනා කළාය. 'ඇඹරැල්ලා ඕන. බිත්තර බැදලා ඕන. කොළ මැල්ලුම් ඕන.' 

මම ඇය තේ කෝප්පය පානය කරන තුරු ඇඳ මතින් හිඳගෙන ඇය දෙස බලා සිටියෙමි. නොසැළකිලිමත් ලෙස කපා තිබූ ඇගේ කොණ්ඩය නිදාගැනීමේදි අවුල්ව ගොස් තිබූ හෙයින් මම අතින් එය සකස් කළෙමි. යෙහෙනි සිනාසුණාය. ඇය පෙරට වඩා සන්සුන්ව හා සාමකාමීව හැසිරුණු හෙයින් මට දැනුණේ සැනසීමකි. 

කඳුළැලි | tears | Sinhala BL [COMPLETED]Where stories live. Discover now