කඳුළැලි - 34

482 171 106
                                    

'ශනල්ක සමරසිංහ?' 

මම හදිසි අනතුරු අංශය ඉදිරිපිට වෙව්ලමින් සිටිගෙන සිටියදී හෙදියක් මගෙන් විමසුවාය. සීතල හා ‌හිසේ වේදනාව හේතුවෙන් මම කැලඹී සිටියද මම ඇයට ඔව් යැයි කීමට හිස වැනුවෙමි. හෙදිය අනුකම්පා සහගත දෑසින් මා දෙස බැලුවාය. මට ඇගේ බැල්ම තේරුම් ගත නොහැකි වුවද මම ඇය දෙස බලා සිටියෙමි.

හෙදියට පසුපසින් දොර විවෘත වී එයින් පිටතට තල්ලු වී ආවේ ට්‍රොලියකි. හෙදිය ඒ දෙසටත් මා දෙසටත් බැල්මක් හෙළුවාය. මම ගල් ගැසී ඇය දෙස බලා සිටියෙමි.

'සොරි මිස්ටර්... අපිට එයාව ‌බේරගන්න බැරි වුණා. එයාගේ ඔළුවට ලොකු හානියක් වෙලා තිබුණා.' ඇය සෙමෙන් පවසා සිටි අතර සුදු රෙදි කඩකින් වසා තිබූ ට්‍රොලිය මා පසුකොට ඇදී යන ආකාරය මම බලා සිටියෙමි.

'කෝ මගේ ශනල්ක?' මම හෙදියගෙන් විමසා සිටියෙමි.

ඇය වටපිට බැලුවේ කලබලයෙන් මෙනි. 'එයාගේ බොඩි එක දැන් මෝචරි එකේ ඇති. ඔයාට පුළුවන් නම් ගිහින් එයාගේ තොරතුරු-'

ඇය ඉන්පසුව කී කිසිඳු දෙයක් මගේ කණ වැකුණේ නැත. මම බිමට ඇද වැටුණෙමි. මගේ වටා තිබූ සියල්ල බොඳ වී යන ආකාරය මට දැනිණි. මම බිම හිඳගෙන මගේ දෙපා අතරින් හිස රඳවාගෙන ඔහේ බලාගෙන සිටියෙමි. 

මෙහන්සා මා හැරගිය දිනයේ මෙන් සියල්ල හිස් බවකින් පිරී ඇති බවක් මට දැනිණි. කඳුළැලි මගේ කොපුල් රූරා යන ආකාරය මට දැනුණු මුත් මම ඒවා පිස දමා ගැනීමට හෝ උනන්දු නොවූයෙමි. මට කිසිවක් කිරීමට උවමනා නොවිණි. රෝහලේ සියලුම ශබ්ද මිශ්‍ර වී මගේ දෙකන් පිරී ගිය අතර මම එතැනටම වී හිඳගෙන සිටියේ කිසිවක් කිරීමට මට උවමනා නොවූ බැවිනි.

'අයියේ...' 

ඒ යෙහෙනිගේ හඬයි. මම හිස ඔසවා ඇය දෙස බැලුවෙමි. ඇගේ මුහුණ පුරාවට සපා කෑම් ලකුණු හා පහරදීම් ලකුණු පිරී තිබුණු මුත් ඇය හඬා තිබූ බවක් පෙනෙන්නට තිබුණේ නැත. ඇය මට ඇගේ අතක් දිගු කළාය.

'නැගිටින්න... දැන් ඇඬුවා කියලා අපිට අයියව ආයෙත් හම්බවෙන්නේ නෑනේ. කරන්න තියෙන දෙයක් කරන්න නැගිටින්න දැන්.' 

කඳුළැලි | tears | Sinhala BL [COMPLETED]Where stories live. Discover now