කඳුළැලි - 57

1K 185 53
                                    

(A/n : මේක කියවපු අය ඊළඟ එක කියවන්න. ඒක අලුතෙන් දැම්මේ අද. 2022. 10. 29)


2020. 01. 01

අපි කොතනින්ද පටන් ගන්නේ? ඈන් ෆ්‍රෑන්ක් ඩයරි එකට නමක් දුන්නා කිටී කියලා. ඒත් මම මොකක්ද දෙන නම? මම කැමති කෙනෙක් නැහැනේ.. ම්ම්ම්.. අපි දැනට කියමු ඔයාට ෆොක්සි කියලා.

අද නම් මහ හොඳ නැති දවසක්. මට ඕන වුණේ ඉස්කෝලේ ගිහින් ඔහේ පැත්තකට වෙලා වාඩිවෙලා ඉන්න. ඒත් අද පන්තියේ ටීචර් මාව ඉස්සරහට අරගෙන මට කිව්වා පන්තිය ඉස්සරහා සිංදුවක් ‌කියන්න කියලා. කතා කරගන්නවත් පණ නැතුව හිටපු මම සිංදු කියන්නේ කොහොමද කියලා මම කල්පනා කළත් ටීචර්ට නම් ඒක ගැන ප්‍රශ්නයක් තිබුණේ නෑ වගේ. හෙට අපිව අලුත් පන්ති වලට දානවා. මම නවය වසරට යනවා හෙට.

අලුත් අවුරුද්ද නිසා තාත්තා මට ඉන්න දෙයි කියලා මම හිතුවේ. ඒත් එයා වෙනවා වගේම ආවා. එයාගේ අත් දෙකෙන් මාව ඇල්ලුවා. මට අප්පිරියයි. අඬන්න ඕන. අලුත් අවුරුද්ද නිසාවත් මට නිදාගන්න ඕන.

අයියා එයාගේ ලියෝ එකේ වැඩකට එළියට ගියා. එයා හිටියා නම් හොඳයි කියලා මට හිතෙනවා. ඒත් එයා නැහැනේ. ඒක නිසා දුක සේ බලාගෙන ඉන්න විතරයි තියෙන්නේ.

හොඳයි ෆොක්සි.. මම යනවා බෑග් එක ලෑස්ති කරගන්න.

අර අමුතු ලස්සන ගෑනු ළමයා මගේ පන්තියට වැටුණුනොත් හොඳයි කියලා හිතෙනවා. අඩුම තරමේ එයා ගාවින් ඉන්නකොට එයා ලස්සන නිසා බලන්නවත් පුළුවන්.

සුබ රාත්‍රියක්.



__________

_කඳුළැලි_


මේ... මම කිව්වද කඳුළැලි ඉවරයි කියලා?

මම නම් එහෙම කිව්වේ නෑ.

ගෙස් කරන්න බලන්න මේ ඩයරි එකේ අයිතිකාරයා...

1. මෙහන්සා

2. යෙහෙනි


කඳුළැලි | tears | Sinhala BL [COMPLETED]Where stories live. Discover now