කඳුළැලි - 12

1.4K 325 68
                                    

මම ඉන් පසු ගත වූ දින දෙක පුරාවටම සිටියේ මෙහන්සාගේ නිහඬව සාලයේ නින්දට වැටී සිටි තැන අසල බිම හිඳගෙනය

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මම ඉන් පසු ගත වූ දින දෙක පුරාවටම සිටියේ මෙහන්සාගේ නිහඬව සාලයේ නින්දට වැටී සිටි තැන අසල බිම හිඳගෙනය. නිවසට පැමිණ යන මගේ මිතුරන් හා මෙහන්සාගේ පන්ති සගයන් පිළිබඳව මට පැහැදිළි අවබෝධයක් නොවීය. මගේ මව මෙහන්සා බැලීමට හෝ පැමිණියේ නැති බවට කිසිවෙකු කියනා ආකාරය මට ඇසිණි. ඔවුන් නිදා සිටින මෙහන්සා බලන්නට පැමිණෙන්නේ මන්දැයි මට වටහා ගත නොහැකි විය.

ලී දාර දෙකක් අතර වැතිර සිටි මෙහන්සා සන්සුන් පෙනුමකින් යුතු වූවාය. දිගු ගවොමකින් සරසා තිබූ ඇගේ සිරුර සාමකාමී ලෙස වැතිර තිබිණි. මට නැගිට ඇයට තට්ටුවක් දමා ඇයව නැගිටවීමට උවමනා විය. නමුත් මගේ සිරුරේ ශක්තියක් ඉතිරිව නොතිබිණි. මම කිසිවක් ආහාරයට ගත් බවක් මගේ මතකයේ නැත. මට උවමනා වූ එකම දෙය නම් මෙහන්සාව නැගිටවා නැවත ඇගේ කාමරයේ ඇඳට රැගෙන යාමයි. ඇගේ පූ වලසා සිටි පැනල් රෙද්දෙන් ඇගේ සිරුර වසා ඇයව නිදි කරවීමට මට උවමනා වුවත් ඇය නැගිටින ආකාරයක් මට පෙනුණේ නැත.

'මල්ලි...' කිසිවෙකු මගේ එහා පසින් හිඳගන්නා ආකාරය දැනී මම යන්තමින් හිස ඔසවා බැලීමි. මගේ එහා පසින් සිටියේ මගේ නැන්දාගේ දුව සන්තුෂීය. මම නැවතත් බිම බලාගත්තෙමි. මට කිසිවක් කීමට පණක් හෝ නොතිබිණි. මෙහන්සා සාලයේ නිදාගත් දිනයේ සිට මේ දක්වා මම කිසිවක් ආහාරයට ගෙන තිබූ බවක් මට මතක තිබුණේ නැත.

'මල්ලි...' අක්කා සෙමෙන් ඇගේ වදන් පිට කළාය. 'මොනවා හරි කන්න යමු මල්ලි... මෙතන හිටියා කියලා නංගි බබා ආයෙත් එන්නේ නැහැනේ්...' 

මම බිත්තියට හිස තද කර දෑස් පියාගත්තෙමි. ඇය නැවතත් නොඑන බව සිතෙහි මවා ගැනීමට පවා මට අවැසි නොවීය. මෙහන්සා නිහඬ තැනැත්තියක් වුවත් ඇයව නොදකින දවසක් මවා ගැනීමට මට අපහසු විය. මගේ දෑස් වේදනා දුන්නේ හරිහමන් නින්දක් නොලැබීම හා දෑස් වියැළෙන තුරුම හැඬීම හේතුවෙනි. 

කඳුළැලි | tears | Sinhala BL [COMPLETED]Where stories live. Discover now