කඳුළැලි - 15

1.4K 313 95
                                    

කාමරය තුළ සිරව දින කීයක් නම් ගත වූවාද යන්න පිළිබඳව මට අවබෝධයක් නොතිබිණි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

කාමරය තුළ සිරව දින කීයක් නම් ගත වූවාද යන්න පිළිබඳව මට අවබෝධයක් නොතිබිණි. අධික පිපාසය හා කුසගින්න හේතුවෙන් මා මිය යමින් සිටින බවක් මට දැනෙන්නට විය. කාමරයට දමා වැසුවායින් පසු තාත්තා හෝ ඔහුගේ පෙම්වතා මා ගැන බැලීමට හෝ නොපැමිණි අතර පාසලින් පිටව ආවාට පසුව මම දිය බිඳක් හෝ බී නොතිබිණි.

හැඬීමට හෝ පණක් නැතිවන තරම් දොරට පහර දෙමින් කෑ ගැසූ පසු මම අඩපණව දොර අසලම බිමට වැටී නින්දට වැටුනෙමි. එය නින්දකට වඩා සිහි නැති වීමක් යැයි කිව හැකි තරමේ ගැඹුරු නින්දක් වූ අතර මම අවසානයේ අවදි වූයේ යමෙකු මගේ දෙතොල් වතුරින් තෙත් කරන බව දැනීම හේතුවෙනුයි. මම දෑස් විවර කළෙමි.

එක් වරම දුටු දෙය වටහා ගැනීමට මට නොහැකි වුවත් කෙමෙන් කෙමෙන් ඉදිරියේ සිටි කෙනා පැහැදිළි වද්දී මම බිය වූයෙමි.

මා ඉදිරියේ සිටි ගැහැනු ළමයාට තිබුණේ සිත බිය කරන තරමේ සුන්දරත්වයකි. මම කැමති පිරිමි ළමුන්ට පමණක් බව සැබෑ වූ මුත් ඇයව දුටු විගස ‍මොහොතකට මගේ හද ගැස්මද නතර විය.

මෙ‍ාහොතකට මම කල්පනා කළේ මා මියගොස් ඇති බවත් පිරිමි ළමුන්ට කැමැත්තෙන් සිටි නිසා අපායේ ඉපද ඇති බවයි.

'සමීරා කිව්වට අපායේ යනවා කියලා... මම හිතුවේ නෑ ඒක ඇත්ත වෙයි කියලා.' මම දෙතොල් වල තැවරුණු ජලය දිවගින් උරා ගනිමින් මැතිරුවෙමි.

මා ඉදිරියේ සිටි තැනැත්තිය පිම්බාය. 'මම එච්චර කැතයි කියලා මම හිතුවේ නෑ හැබැයි. දුක හිතුණා මොක වුණත්.'

විනාඩි දෙකකට පසුව මට ඇගේ කට හඬ හඳුනා ගත හැකි විය. මම තිගැස්සී නැගිට්ටෙමි.

ෂනල්කගේ නංගි!

ඇය මා ඉදිරියේ දණ ගසාගෙන මා දෙස බලා සිටියාය.

කඳුළැලි | tears | Sinhala BL [COMPLETED]Where stories live. Discover now