කඳුළැලි - 42

997 243 66
                                    

නෙතිල්ගේ අත නැවත වතාවක් මගේ අතක් මත රැඳෙද්දී මම මෙහන්සාගේ මතකයෙන් මිදී ඔහු දෙස බැලුවෙමි. 

'යෙශ්ට ලේ දුන්නද?' මම ඔහුගෙන් විමසුවේ විමසීමට කිසිවක් සිතට නොනැගෙද්දියි. නෙතිල් හිස වැනුවේ එය අනුමත කිරීමටයි.

'ඔව්. බ්ලඩ් බෑන්ක් එකෙන් දුන්නා. එයාව බේරගන්න අමාරුයි කියලා දොස්තරලා කිව්වේ.' ඔහු පවසද්දී මම ඔහු දෙස බලා සිටියෙමි.

'ඔයා කොහොමද අපේ ගෙදර ආවේ?' අවසානයේ මම සිතේ කැකෑරෙමින් තිබූ ගැටළුව ඔහුගේ මුහුණට දමා ගැසුවෙමි. 

නෙතිල් දෙවුර ඇකිළුවේය. 'ඔයා වැනි වැනි ගිය විදිහට මම බය වුණා ඔයාට මොකක් හරි කරදරයක් වෙයි කියලා. මම ටැක්සියක් අරන් ඔයාගේ පස්සෙන් ආවා. ඔයාගේ ගේ ඇතුළට එන පරක්කුවට ඔයා පිස්සෙක් වගේ ලේ ගොඩක ඉන්නවා දැකලා මම ශොක් වුණා. මම වැඩ කරන්නේ මේ හොස්පිටල් එකේ. ඉතින් මම කෝල් කරපු ගමන් ඇම්බියුලන්ස් එකක් එව්වා.' 

'තැන්ක් යූ.' මම කියා සිටියෙමි. මට යෙහෙනිව බැලීමට යෑමට අවැසි වුවත් මගේ සිරුරේ ඒ සඳහා ශක්තියක් ඇති බව මට දැනුණේ නැත. 

'ඔයාට ඔයාගේ වයිෆ්ව බලන්න යන්න ඕනද?' ඔහු විමසුවේ මගේ හැඟීම් ඔහු තේරුම් ගත් ආකාරයකිනි. මම හිස වැනුවෙමි. 

නෙතිල් මගේ අතේ තිබූ සේලයින් කටුව ප්‍රවේශමෙන් ගලවා දමා මගේ උරය යටින් අත දමා මගේ සිරුර ඔහුගේ සිරුරට වාරු කරගත්තේය. මම අඩපණව ඔහුට රිසි සේ මාව පාලනය කරන්නට ඉඩ හැරියෙමි. අපි දෙදෙනා සෙමෙන් පිය නැගුවේ දැඩි සත්කාර ඒකකය වෙතටයි. එහි දොර  විවර කළ ඔහු මා මෙහෙය වූයේ බිත්තිය කොණක වූ ඇඳක් අසලටයි. 

ඇඳ අසල සිටි ‌හෙදියක් මදක් එහාට වද්දී මට ඇඳ මත වැතිරී සිටි යෙහෙනිව දැක ගත හැකි විය. හෙදිය මා දෙස මොහොතක් බලා සිට මට රැවුවාය. මම කර කියා ගත දෙයක් නොහී බිම බලාගත්තෙමි. 

'නෙතිල් නොහිටියා ඔයා හිර කූඩුවෙයි ඔයාගේ වයිෆ් අඩි හයක් යටයි වැළලිලා යන්න තිබ්බා.' ඇය රළු ලෙස මට චෝදනා කළාය. මගේ සිත වරදකාරී හැඟීමකින් පිරුණද මට කිරීමට කිසිවක් ඉතිරිව නොතිබිණි. මම මෙහන්සාට කළ වරදම නැවත වතාවක් යෙහෙනිටද කර තිබිණි. නෙතිල් මගේ අතක් තදින් මිරිකද්දී මම ඔහු දෙස බැලුවෙමි. නෙතිල් මා දෙස නොබැලූ හෙයින් නැවත වතාවක් මම යෙහෙනි දෙස බැලුවෙමි. 

කඳුළැලි | tears | Sinhala BL [COMPLETED]Where stories live. Discover now