උදෑසන අවදි වූවද පලක් නැති දිනෙක මම ඇඳ මතින් වැතිරී තොටිල්ලේ නිදා සිටි දරුවන් දෙදෙනා දෙස බලා සිටියෙමි. යෙහෙනි මුළුතැන්ගෙයි මොනවාදෝ සාදමින් සිටි අතර ඇගේ මව සුපිරි වෙළඳසලක් සොයා පිටව ගොස් සිටියාය. මගේ දෑස් යොමුව තිබුණේ සැනසීමේ නිදා සිටි දරුවන් දෙදෙනා වෙතටයි. මාසයක් පමණ වයසැති වූ ඔවුන් දෙදෙනා කිරි ඉල්ලීම සඳහා හැඬීම හැරුණු කොට වෙනත් කිසිවක් සඳහා හඬන්නට වද වූයේ නැත.
මද වේලාවලකට පසුව යෙහෙනි කාමරයට පැමිණියේ ඇගේ අත වූ චොකලට් කිරි කෝප්පයක් මට දිගු කරමිනුයි. මම ඇයට ස්තූති කර කෝප්පය අතට ගෙන තොල් මතින් එය තබා එයින් උගුරක් පානය කළෙමි. කිරි රසය මගේ උගුර ආක්‍රමණය කරන්නටත් පෙර මට ඇසුණේ යමෙකු අපේ ගෙදර දොරට තට්ටු කරනා ශබ්දයයි. යෙහෙනි ඇස් යටින් වදයට පත් බැල්මකින් මට සංග්‍රය කොට කාමරයෙන් පිටව ගියාය. මම අලස බැල්මකින් ඇය පිටව යන දෙස බලා සිටියෙමි.
යෙහෙනි දොර විවර කරන හඬ ඇසුණද ඊළඟ විනාඩි පහ පුරාවට මට කිසිවෙකුත් කතා කරන හඬක් ඇසුණේ නැත. මගේ සිත මොකක්දෝ අමුතු හැඟීමකින් මට වද දෙද්දී මම කිරි කෝප්පය ලාච්චුව මතින් තබා නිවසේ ඉදිරි පස දොර කරා ඇවිද ගියෙමි. දොර අසල යමෙකු සිටගෙන සිටි අතර ඒ අසලම බිම යෙහෙනි හිඳගෙන සිටියාය.
'යෙශ්!' මම ඇය වෙතට ඇවිද ගොස් ඇයගේ මුහුණ මා දෙසට හරවා ගත්තේ දොර අසල සිටගෙන සිටි තැනැත්තා ගැන බැලීමට මොහොතක් හෝ වැය නොකරයි. යෙහෙනි ඇගේ දෑතින්ම ඇගේ මුව වසාගෙන සිටි අතර ඇගේ කොපුල් ඇගේම කඳුළින් තෙත්ව තිබිණි.
'තමුසේ මොකක්ද මගේ යෙශ්ට කළේ?' මම බැන වදිනා අතරේම හිස ඔසවා දොර අසල සිටි අමුත්තා දෙස බැලුවෙමි.
ඇති වූ පුදුමයෙන් හා කම්පනයෙන් මගේ අතින් යෙහෙනිව අත හැරුණේ මටත් නොදැනීමයි.
'ශනල්ක?'
මට මගේ දෑස් අදහා ගත නොහැකි විය. ශනල්ක මා ඉදිරිපිට සිටගෙන සිටියේය. ඔහුගේ මුහුණ වෙහෙසකර පිරී තිබූ අතර ඔහුගේ කොපුල්වල වෙනදාට වඩා ගිලී ගොස් තිබිණි. නමුත් ඒ සිටියේ ශනල්ක බව මට පැහැදිළිව කිව හැකි විය.
YOU ARE READING
කඳුළැලි | tears | Sinhala BL [COMPLETED]
Non-Fiction'ඔයා හැමදාම නංගි ගැනම බල බල හිටියොත් ඔයාට බඳින්න කෙල්ලෙක්වත් නැති වෙයි මිනිරු.' සහේෂ්ගේ වදන් මගේ හදවත පසාරු කරගෙන යන්නාක් වැනිය. 'මට කෙල්ලෙක් එපා. මට නංගිව වටිනවා.' මම කීවේ සහේෂ්ගේ අතේ තිබුණු වතුරු වීදුරුව දෙසට බැල්මක් හෙළමිනි. 'උඹට මං ඉන්නවා මොක නැ...