chapter 02

943 145 9
                                    

මෙය මාගේ මනඃකල්පිතයක් පමණි. සැබෑ ජීවිතයේ අයවලුන් හා සම්බන්ධ කර නොගන්න.
**********************************

මම ඇස් අරිද්දී මගෙ ළඟ හිටියෙ ටික වෙලාවකට කළින් ඩොක්ටර් එක්ක කතා කර කර හිටිය ඒ මනුස්සයා. ඒ මනුස්සයා මගෙ දිහා බලන් හිටියෙ මාව හුඟ කාලයක ඉදන්ම අදුනනව වගේ .ඒත්
මට ඕන වුනේ ආච්චි අම්ම බලන්න.

"එයා .....එයා එතන නෑ........".මම මටම කියා ගත්තෙ මම යනකොටත් ආච්චි අම්මගෙ බොඩි එක එතන නොතිබුණු නිසා. ඇස් වල කදුළු ආයෙ අයෙමත් අලුත් වෙනකොට මම පිස්සෙක් වගේ මෝචරි එකට දුවන්න හදනකොට මගේ අත දරදඬු අතකට හිරවුණා.

"පුතා. .......පුතා හොදින් ද? "

ඒ කටහඩ කරැණාබරයි. හරියට මගෙ ආච්චි අම්මගෙ වගේ. ඒත් මං හරියට නන්නාඳුනන මේ පුද්ගලයා කවුද. මම ඒ මූණ දිහා බැලුවෙ ප්‍රශ්නාර්ථ බැල්මකින්.

"පුතා. ......මැණිකේ අම්මගෙ බොඩි එක මම මල් ශාලාවට යැවූව . හෙට හවසට බොඩි එක ගෙනෙයි. පුතා. ...ඔය විදියට ඉන්නව දැක්කොත් ආච්චි අම්ම සතුටු වෙයි කියලා හිතනවද. අපිව දාල ගිය කෙනෙක්ට ආයෙ එන්න බැරි වුනත් අපිට එයාට සැනසීමක් උදාකරන්න පුළුවන් නේද. "

"ඔයා .......කවු....ද? ....මගෙ..... ආච්චි...... අම්මව... දන්නවද?"

"පුතා..මම සුරේන් සේනානායක. . ඔයාට සමහරවිට මතක නැතිව ඇති .එතකොට ඔයා ගොඩක් පුංචියි. මම පුතාගෙ තාත්තාගේ පුංචි කාලේ ඉඳන් හොඳම යාලුවා. පුතාගෙ ආච්චි අම්ම මට මගේම අම්ම වගේ හරිම ආදරෙයි. ."

මට මතකයි මං පුංචිම පුංචි කාලේ සුරේන් අංකල්ගේ දිහා ගිහින් තියෙනවා. ඒත් ඒ හරියටම කවුද කියන්න දැනන් හිටියේ නෑ. ඒක අපැහැදිලි මතකයක්. මට ආයෙමත් I.C .U එක දිහා බැලුන. බොදවුණු ඇස් වලින් මම දැක්කේ ඈතින් මගෙ දිහාට එන ඩොක්ටර්ව.

"ම්.....සිහිය..... ආවද ඔයාට. .."

මෙච්චර වෙලා කාගෙන්වත් පිළිතුරු නොලැබුණු මට අහන්නම ඕන උන ප්‍රශ්නය මම ඩොක්ටගෙන් ඇහුවා.

"ඩො.... ක්ටර් ම....ගෙ ආච්චි..... අම්මට
තිබුණු ලෙඩේ මො....කක්ද?"

" මේ අහන්නකෝ. ...ඔයාගෙ ආච්චි අම්මට තිබුණේ heart problem එකක්. එයාගෙ හාට් එක ගොඩක් වීක් . අනික මීට කලින් හාට් ඇටෑක් දෙපාරක් ඇවිත් තියෙනව. එයා එහෙම තත්ත්වයක් උඩ ගොඩක් මහන්සි වෙන්න හොඳ නෑ. ඒ වුණත් එයා ගොඩක් මහන්සි වෙලා තියෙනවා. අනික එයා මොනවා හරි දේකට ෂොක් වෙලා තියෙනවා "

Love In My Heart    ( Completed )                           Where stories live. Discover now