chapter 14

603 124 9
                                    

මෙය මාගේ මනඃකල්පිතයක් පමණි. සැබෑ ජීවිතයේ අයවලුන් හා සම්බන්ධ කර නොගන්න.

බැ...බැල්කනි හොරා. . මෙයා මොකද මේ. ... මේ මනුස්සයා හිතන් ඉන්නේ මන් ආන්ටි කියලද ..... නිදි විකාරෙන්... කියවනව... කටහඩෙන් ඒක මට හොඳට තේරැන. මොකද කරන්නේ කියල හිත හිතා හිටිය මම දෙවනි සැරේටත් බයවුනෙ එයාගෙ ඔලුව මගෙ උරහිසේ නවතිද්දී..... .... මොනාද ආයෙමත් කියවනව.. "

" ම්....... සුවදයි..... jasmine .......... "

*************************************

"මමී...... ඔයත් දැන් යූස් ......කරන්නේ .....අර අඩන බේබිගෙ perfume brands මද ...අයියො...... ම් ..... ඒක........ .නෙවේනෙ මන්.... කියන්න. ......හිටියෙ. ....... wish..... you ......happy 25st anniversary.. my sweet lovely mom. උම්.....මා. ... "


උන දේ මට හිතාගන්නම බැරිවුන. මේ මෝඩය මගේ මූණ කිස් කරානෙ.. පිස්සු. .... මගෙ හදවත වේගෙන් ගැහෙනවා. මොනාද මේ වෙන්නේ ම...ම.....මම ... ඔව්... මම බයවෙලා ඒකයි මෙහෙම වෙන්නේ ... මම බයවුන නිසා තමයි මෙහෙම. ... කරන්ට් එක ආවෙත් ඒත් එක්කම වෙද්දී බැල්කනි හොරාව මම එහාට තල්ලු කරල දැම්මෙ පුළුවන් උපරිමෙන් සන්සුන් වෙන්න හදන ගමන්.......


" ඔ.....ඔ....යා ....... මෙ ...මෙ.... මෙතන මොකද කරන්නේ. ...... කෝ...... කෝ .....එතකොට මමී. ..... "


එයත් මම වගේම ෂොක් වෙලා...... මෙතන මාලිනී ආන්ටි හිටියෙ නෑ කියලා මමයි හිටියෙ කියල මම කොහොම කියන්නද ..... එයාට එතන වුනදේ දැන්ද කොහෙද හරියට තේරැනෙ ඒත් ....... මම හිතුව විදිහට මේ මනුස්සයගෙ මූනෙ තිබ්බේ කේන්තියක්නම් නෙමෙයි. ඒක තේරුම් ගන්න ආමාරැ වුනා මට. එවෙලෙම කිචන් එකට ආව කෙනා නිසා මම වගේම එයත් එකපාරටම බැලුවෙ ආව කෙනා දිහා වෙද්දී අපි දෙන්නම මූනෙන් මූණ බලා ගත්ත.

" අක්ක. .....ඔයා...... ..........."

" ඇයි .... මොකද අයියො උනේ ..... මල්ලී ඇත්ත කියනව මට හොරෙන් මොකාක් හරි මගඩි වැඩක් කරා නේද මූනත් නිකං අමුතු වෙලා ? "


"අනෙ යනව හලෝ යන්න .... මම මේ මමී ට විෂ් කරන්න ආවෙ... ඒත් තාම මමී නැගිටල නෑ.... "


" හරි හරි බලමුකෝ. ........ ඒත් වෙනදටනම් මමී කලින්ම නැගිටල .... කෝ දැන් විමල අම්මා. ..... "


Love In My Heart    ( Completed )                           Where stories live. Discover now